×

ඉම්රාන් ඛාන්ට විදේශ ගමන් තහනම්

විමර්ශනයන්ට අනුව පීටීඅයි නායකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් 4,000 කට වැඩි පිරිසක් රටපුරා අත්අඩංගුවට ගෙන තිබේ.


පාකිස්ථානයේ හමුදාව සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් ඉම්රාන් ඛාන් ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී සහ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ නායකයින් සහ සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් වෙනුවෙන් විදෙස් ගමන් තහනම් කර ඇති බව පාකිස්ථානු බලධාරීන් සඳහන් කර තිබේ.

සංක්‍රමණ සහ දේශසීමා පාලනය සඳහා වගකිව යුතු ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA), ඛාන්ගේ නම පියාසර තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර අධිකරණය විසින් මෙම තහනම පනවා ඇත්තේ ඔහුගේ ආධාරකරුවන් මැයි 9 වන දින ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතාවලදී හමුදා මූලස්ථානය ඇතුළු ප්‍රධාන හමුදා ස්ථාන වෙත කඩා වැදී සති කිහිපයකට පසුවය.

මෙම විමර්ශනයන්ට අනුව පීටීඅයි නායකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් 4,000 කට වැඩි පිරිසක් රටපුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පීටීඅයි සාමාජිකයන් බොහෝ දෙනෙකු ඛාන්ගෙන් ඈත්වනු දක්නට ලැබෙන අතර ඛාන්ගේ පක්ෂය තහනම් කිරීමේ යෝජනාවක් සලකා බලමින් සිටින බව ආන්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙක් ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඛාන් ටුවිටර්හි සඳහන් කර තිබුණේ, විදේශයන්හි දේපල, ව්‍යාපාර හෝ රටින් පිටත බැංකු ගිණුම් නොමැති හෙයින් තමාට රටින් පිටවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි