×

පැරීසියේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් 37 දෙනෙකු තුවාල ලබයි; සිව් දෙනෙකුගේ තත්වය බරපතලයි

සුන්බුන් යට තව දුරටත් විපතට පත් වූවන් සොයා තවදුරටත් හදිසි කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතියි.


මධ්‍යම පැරීසියේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 4 දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

මෙම පිපිරීම Rue Saint-Jacques හි නිර්මාණ පාසලක් සහ කතෝලික අධ්‍යාපන පද්ධති මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලක සිදුව ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැතිමුත්, ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇතැයි සැක පල කෙරේ.

පැරිස් පොලිස් ප්‍රධානී ලෝරන්ට් නුනෙස් ප්‍රකාශ කර තිබුණේ, ගොඩනැගිල්ල මුලින් ගින්නෙන් ගිලී ගිය නමුත් මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි. සුන්බුන් යට තව දුරටත් විපතට පත් වූවන් සොයා තවදුරටත් හදිසි කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි