×

ප්‍රංශයේ විරෝධතා අඛණ්ඩවම; විරෝධතාකරුවන් 875ක් අත්අඩංගුවට ගැනේ

මෙය සන්සුන් වීමේ සලකුනු නොපෙන්වන නොසන්සුන්තාවයේ සැලකිය යුතු උත්සන්න වීමකි.


ප්‍රංශයේ පැරිස්හි තදාසන්න ප්‍රදේශ්‍යක් වන නන්තෙරේ හි රථවාහන පරීක්ෂාවක් සඳහා නතර කිරීම ප්‍රතික්ෂේප කළ 17 හැවිරිදි රියදුරෙකුට පොලිස් නිලධාරියෙකු වෙඩිතබා මිය යාමත් සමඟ දින තුනක් පුරා අඛණ්ඩවම විරෝධතා පැවැත්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෝටර් රථ ගිනි තැබීම, පොලිසිය හා ගැටුම් සහ වෙළෙඳසල් කොල්ලකෑම් හේතුවෙන් මේ වනවිට 875 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. රජය විසින් බස් රථ සහ ට්‍රෑම් රථ සේවා දැඩි ලෙස අඩාල වන බවට මඟීන්වෙත දැනුම් දී ඇති අතර ප්‍රවාහන අමාත්‍ය Clement Beaune ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ අපගේ ප්‍රවාහනයට පහර දීම යනු සේවාවන් අවශ්‍ය දුර්වලම අයට පහර දීමක් බවයි.

පවතින ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, අගමැති එලිසබෙත් බෝර්න් සහ රජයේ ඇමතිවරු පැරිසියේ හදිසි රැස්වීමක් සඳහා රැස්වූ අතර මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ගතවූ දින තුනක් තුළ ගොඩනැගිලි 492කට හානි සිදුව ඇති බවත්, වාහන 2,000ක් පුළුස්සා ඇති බවත්, ගිනි තැබීම් 3,880 වාර්තා වූ බවයි.

පවතින තත්වය සමතයකට පත් කිරීමට හදිසි තත්වයක් පැනවිය යුතු බවට ප්‍රංශයේ විරුද්ධ පාක්ෂිකයන් ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳව තවම තීරණය කර නොමැත.

මෙය සන්සුන් වීමේ සලකුනු නොපෙන්වන නොසන්සුන්තාවයේ සැලකිය යුතු උත්සන්න වීමකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි