×

චීනයේ රික්ටර් මාපකයේ 7.0 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පනයක්

ජිවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නොමැත


සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ කිර්ගිස්තාන් දේශසීමාවේ රිච්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක් හටගෙන ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

ප්‍රධාන භිමි කම්පාව අද(23)අලුය්යම 2ට පමණ සිදුව ඇති අතර ඉන් අනතුරුව රික්ටර් මාපක 4.5 දක්වා සටහන් වූ පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් චීනයේ රාජ්‍ය පුවත්පතක් වන Xinhua පුවත්පත් ඒජන්සියට අනුව, භූ කම්පනය වුෂු ප්‍රාන්තයට බලපා ඇති බවත් ඉන් ජිවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නොමැති බවත් තහවුරු කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි