×

ටයිටන් සුන්බුන් තුළ තිබී මිනිස් අස්ථි කොටස් සොයා ගනියි

ගොඩගත් සුන්බුන්වල භෞතික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමෙන් ටයිටන් නෞකාවට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වැදගත් ඉඟි හෙළි කළ හැකි වනු ඇත.


මෙම මස මුලදී ටයිටැනික් නෞකාව වෙත යාත්‍රා කරමින් සිටියදී පුද්ගලයන් පස් දෙනෙකුද සමඟ පුපුරා ගිය ටයිටන්හි සුන්බුන් තුළ තිබී මිනිස් අස්ථි කොටස් සොයා ගත් බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසා තිබේ.

ටයිටන්හි සුන්බුන් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් උතුරු අත්ලාන්තික් සාගරයේ සිට එක්සත් ජනපද වරායකට ප්‍රවාහනය කරනු ඇති අතර එහිදී වෛද්‍ය වෘත්තිකයන් විසින් දේහය පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත වේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විශේෂඥයෙක් පවසා තිබුණේ, ගොඩගත් සුන්බුන්වල භෞතික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමෙන් ටයිටන් නෞකාවට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වැදගත් ඉඟි හෙළි කළ හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි