×

හැරී කුමරු සිය ආන්දෝලනාත්මක තීරණයෙන් පසු ප්‍රථම වරට තම අනාගතය පිලිබදව කථා කරයි!

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු ඉරිදා සවස සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේ කණගාටුවෙන් ප්‍රකාශ කළේ තමා සහ බිරිඳ මේගන් ඔවුන්ගේ රාජකීය පදවි නාම අත්හරින බවත් තවදුරටත් රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස රැජින නියෝජනය නොකරන බවත්ය.


සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු ඉරිදා සවස සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේ කණගාටුවෙන් ප්‍රකාශ කළේ තමා සහ බිරිඳ මේගන් ඔවුන්ගේ රාජකීය පදවි නාම අත්හරින බවත් තවදුරටත් රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස රැජින නියෝජනය නොකරන බවත්ය.

“එක්සත් රාජධානිය මගේ නිවස වන අතර එය මා ආදරය කරන ස්ථානයක් ”යැයි ලන්ඩනයේ පැවති පුණ්‍යායතන උත්සවයකදී හැරී පැවසීය. ඔහු තවදුරටත් පැවසූයේ එය කිසි විටෙකත් වෙනස් නොවන බවයි.

“මගේ බිරිඳ සහ මම රජ පවුලෙන් පසුබසින්න ගත් තීරණය මම සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ, ”ඔහු පැවසීය. “වසර ගණනාවක අභියෝග වලින් පසුව මා ඒ පිලිබදව මාස ගණනක් සාකච්ඡා කළා. මම දන්නවා මම හැම විටම එය නිවැරදිව තීරණ ගෙන නැති බව, නමුත් මෙය හැර වෙනත් විකල්පයක් නොතිබුණි”

“අපගේ බලාපොරොත්තුව වූයේ රැජිනට, පොදුරාජ්‍ය මණ්ඩලයට සහ මගේ හමුදා සංගම්වලට දිගටම සේවය කිරීමයි, නමුත් ඒ මහජන අරමුදල් නොමැතිවයි, නමුත් එය එසේ කළ නොහැක්කක් වුණා”.

මෙම මස මුලදී, මෙම යුවළ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස සිය භූමිකාවෙන් ඉවත් වන බවත්, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර කාලය කරමින් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළහ.

සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද ගිවිසුම යටතේ හැරී සහ මේගන් වින්ඩ්සර් වතුයායේ පිහිටි තම නිවස වන ෆ්‍රොග්මෝර් කොටේජ් අලුත්වැඩියා කිරීම සඳහා භාවිතා කළ බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදල්වලින් පවුම් මිලියන 2.4 ක් (ඩොලර් මිලියන 3 ක් පමණ) ආපසු ගෙවනු ඇත.

හැරී මේ බව ප්‍රකාශ කළේ ඒඩ්ස් රෝගයෙන් අනාථ දරුවන්ට උපකාර කිරීම සඳහා 2006 දී ලෙසෝතෝ හි සීසෝ කුමරු සමඟ ආරම්භ කළ සෙන්ටෙබේල් නම් පුණ්‍යායතනයේදී පැවති රාතී ආහාරයේදීයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි