×

ඉරාකයේ ස්වීඩන තානාපති කාර්යාලය ගිනි තබයි

ඉරාක රජය විසින් ස්වීඩන් තානාපති කාර්යාලයට එල්ල කරන ලද ප්‍රහාරය දැඩිව හෙළා දැක ඇති අතර මෙම ක්‍රියාවෙහි වැරදිකරුවන් හඳුනා ගැනීමට කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස නිවේදනය කර ඇත.


ස්වීඩන් ප්‍රවෘත්ති ඒජන්සිය (TT)විසින් ඊයේ(19)දිනයේදී ස්ටොක්හෝම් හි ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඉරාක ධජය හා කුරානය පුළුස්සා දැමීමට උත්සාහ කරන බවට තොරතුරු පල කිරීමෙන් අනතුරුව කෝපයට පත් ඉරාකයේ ෂියා ආගමික සහ දේශපාලන නායක මුක්තාඩා අල්-සදර්ගේ අනුගාමික විරෝධතාකරුවන් මධ්‍යම බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලයට කඩා වැදී එය ගිනිතබා තිබේ.

මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ස්වීඩන විදේශ අමාත්‍යාංශය කියා තිබුණේ සියලුම තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවයි.

ඉරාක රජය විසින් ස්වීඩන් තානාපති කාර්යාලයට එල්ල කරන ලද ප්‍රහාරය දැඩිව හෙළා දැක ඇති අතර මෙම ක්‍රියාවෙහි වැරදිකරුවන් හඳුනා ගැනීමට කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස නිවේදනය කර ඇත.

මින් පෙරද මේ හා සමාන සිදුවීමක් ස්වීඩනයෙන් වාර්තා වූ අතර ස්වීඩන්හි ඉරාක සරණාගතයෙකු වන සල්වාන් මොමිකා විසින් ලොව පුරා මුස්ලිම්වරුන් විසින් සමරනු ලබන Eid al-Adha නිවාඩු දිනයේදී ජුනි 28 වන දින ස්ටොක්හෝම්හි විශාලතම මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී කුරානයේ පිටපතක පිටු පුළුස්සා දමන ලදි.

මෙය සංවිධානය කළ ගිනිතැබීමක් බව ස්වීඩන් මාධ්‍ය වාර්තා කළ අතර ඉරාකය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය සහ මොරොක්කෝව ඇතුළු මුස්ලිම් රටවල් කිහිපයක රජයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතා නිකුත් කළ අතර ඉරාකය රට තුළ නඩු විභාගයට මුහුණ දීම සඳහා පුද්ගලයා පිටුවහල් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි