×

එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණය කාන්තාවගේ සිරුරේ අයිතිය අහිමි කර වසරක් ගතවෙයි; රට පුරා විරෝධතා

එළැඹෙන ජනාධිපතිවරණයේදී සෑම ඡන්ද දායකයන් 10 දෙනෙකුගෙන් හය දෙනෙක් රෝ පෙරළීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව අනාවරණ වේ.


ඇමරිකා එක්සත් ජනපදය කාන්තාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට, ප්‍රජනන නිදහස සීමා කරමින් Roe v Wade තහනම් කර වසරක් ගෙවී යාමට සමගාමීව වොෂින්ටන්, නිව් යෝර්ක් සහ ඇට්ලන්ටා ඇතුළු එක්සත් ජනපදයේ නගර පුරා උද්ඝොෂණ මාලාවක් සංවිධානය කර තිබිණි.

ඇමරිකන් ශේෂ්ඨාධිකරණය විසින් Roe v Wade තහනම් කිරීමත් සමඟ ප්‍රාන්ත රැසක ගබ්සාව සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර තවත් බොහෝ ප්‍රාන්තවල ගබ්සාවට ප්‍රවේශය සීමා කිරීමට නීති සම්පාදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිව්යෝක්හි වෛද්‍යවරියක් වන වෛද්‍ය මොනිකා වී ඩ්‍රැගොමන් ප්‍රකාශ කර තිබුණේ, ගබ්සාව දැඩි ලෙස සීමා කර ඇති හෝ සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් කළු ජාතිකයින්, LGBTQ+ පුද්ගලයින්, දුප්පතුන් සහ ග්‍රාමීය ප්‍රදේශවල සිටින අය විශාල ගැටලුවකට මුහුණ පා ඇති බවයි.

Roe v Wade තහනම එළැඹෙන ජනාධිපතිවරණයේදී තීරණාත්මක කාරණයක් වීමට නියමිත වන අතර, වසර මුලදී NBCප්‍රවෘත්ති මත විමසුමකට අනුව සෑම ඡන්ද දායකයන් 10 දෙනෙකුගෙන් හය දෙනෙක් රෝ පෙරළීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව අනාවරණ වේ.

මේ සම්බන්ධයෙන් Naral Pro-Choice America හි සභාපති Mini Timmaraj පවසන්නේ අවුරුදු 20 තුළ අපට ඇති අයිතිවාසිකම් තීරණය වන්නේ අපි ඉදිරි වසර දෙක තුළ සටන් කරන ආකාරය අනුව බවත් මෙය අප කළ යුතු සටනක් බවත්, ඒක අපි දිනන සටනක් වශයෙනි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි