×

ප්‍රංශ පොලීසිය 17 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා මරා දමයි; ප්‍රංශය පුරා විරෝධතා

විරෝධතාවයන් හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටද ගෙන තිබේ.


මාර්ග නීති කඩකළ බවට චෝදනා මත, ප්‍රංශ පොලසිය විසින් 17 හැවිරිදි තරුණයෙකු වන Nahel M වන අයට වෙඩිතබා ඝාතනය කිරීම හේතුවෙන් ප්‍රංශය පුරා විරෝධතාවයන් ඇතිව තිබේ.

නැන්ටරේ, පැරීසියට බටහිරින් පිහිටි Hauts-de-Seine ප්‍රදේශය, නැගෙනහිර ඩිජොන් නගරය, අගනුවරට දකුණින් ඇති එස්සෝන් ආදී නගරවල ජනයා වීදි බසිමින් සිය විරෝධතා දක්වා තිබුණේ බස් රථ ආදියට ගිණි තබමිනි. එමෙන්ම දකුණු නගරය වන ටූලූස් හි මෝටර් රථ කිහිපයකට ගිනි තබා ඇති අතර විරෝධතාවයන් හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටද ගෙන තිබේ.

විරෝධතාවයන් මැඩපැවැත්වීමට කැරලි මර්දන පොලිසිය 2,000 පමණ කැඳවා ඇති අතර පොලිස් නිලධාරීන් 24 දෙනෙකු තුවාල ලබා මෝටර් රථ 40 ක් පුළුස්සාදමා තිබූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ යෞවනයෙකුගේ මරණය සාධාරණීකරණය කළ නොහැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි