×

Proud Boys හා Antifa යනු කවුරුන්ද?

මෙම කණ්ඩායම් දෙකම සාපේක්ෂව කුඩා වන නමුත් ප්‍රචණ්ඩත්වය සඳහා ඔවුන් දක්වන නැඹුරුව, විශේෂයෙන් ඔවුන් ඇමරිකානු වීදිවලදී එකිනෙකා සමඟ ගැටෙන විට, ඔවුන් ප්‍රමුඛ සංවාද මාතෘකාවන් බවට පත් වී ඇත.


ජනාධිපති ට්‍රම්ප් පළමු ජනාධිපති විවාදය අතරතුර අන්ත දක්ෂිනාංශික කණ්ඩායමක් ගැන සඳහන් කරමින් එහි ආධාරකරුවන්ගේ අන්තර්ජාල සැමරුම් පිළිබදවද සඳහන් කළේය.
“Proud Boys – stand back and stand by,”- සුදු අධිපතිවාදී සහ මිලීෂියා කණ්ඩායම් හෙළා දකින ලෙස ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු Proud Boys පිළිබදව විවාදයේදී කතා කරන්නට විය. ක්‍රියාමාර්ගයට සූදානම් වීම සඳහා ඇමතුමක් ලෙස කණ්ඩායමේ සාමාජිකයින් අන්තර්ජාලය හරහා පිළිතුර ලබා ගෙන තිබුණි.
ට්‍රම්ප් එවකට කියා සිටියේ ප්‍රචණ්ඩත්වය පැමිණෙන්නේ අන්ත වාමාංශික ක්‍රියාකාරීන්ගෙනි: “යමෙකුට ඇන්ටීෆා සහ වම ගැන යමක් කළ යුතුව ඇත, මන්ද මෙය දක්ෂිණාංශික ගැටලුවක් නොවන බැවිනි.” යනුවෙන් ඔහු කියා සිටියේය.
ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික් අභියෝගකරු ජෝ බිඩෙන් පිළිතුරු දෙමින්, “Antifa යනු අදහසක් මිස සංවිධානයක් නොවේ.” යැයි පවසා සිටියේය.
පසුගිය වසර කිහිපය තුළ, ඇමරිකානු කණ්ඩායම් වීදිවල දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලී සිටිති.එසේ නම් මේ Proud Boys සහ Antifa යනු කවුද?

Proud Boys

කැනේඩියානු-බ්‍රිතාන්‍ය දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ගේවින් මැක්ඉන්නස් විසින් 2016 දී ආරම්භ කරන ලද Proud Boys යනු එහි වාමාංශික විරුද්ධවාදීන්ට එරෙහිව වීදි ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසයක් ඇති අන්ත දක්ෂිනාංශික, සංක්‍රමණ විරෝධී, පුරුෂයන්ගෙන් සමන්විත කණ්ඩායමකි.
මෙම කණ්ඩායමේ නම ඩිස්නි හී ඇලඩින්ගේ චිත්‍රපටයේ සංගීත අනුවාදයේ ගීතයකින් උකහා ගත්තකි. මෙහි සාමාජිකයින් බොහෝ විට කළු සහ කහ ෆ්‍රෙඩ් පෙරී පෝලෝ ෂර්ට් සහ රතු පැහැති “Make America Great Again” තොප්පි පැළඳ සිටී.
Proud Boys සාමාජිකයන් තමා “නූතන ලෝකය නිර්මාණය කිරීම ගැන සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බටහිර ස්වෝත්තමවාදියෙකු” බව ප්‍රකාශ කළ යුතුය.
ඔවුන්ගේ වේදිකාවට ට්‍රම්ප් අදහස් (“glorify the entrepreneur”, “close the border”) නිදහස (“give everyone a gun”, “end welfare”) සහ සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවී භූමිකාවන් (“venerate the housewife”) ඇතුළත් වේ.
ඔවුන් තනිකරම සුදු ජාතිකයින් නොවේ – එහෙත් ප්‍රචණ්ඩ දේශපාලන ගැටුම් සඳහා කුප්‍රකට වී ඇත.
ඔරිගන්, වොෂිංටන් සහ නිව්යෝක් යන නගරවල Antifa ව්‍යාපාරයට එරෙහිව Proud Boys සාමාජිකයන් සහ අනුබද්ධ කණ්ඩායම් පසුගිය දෙවසර තුළ ප්‍රචණ්ඩ වීදි රැලි ගණනාවකට සහභාගී වී තිබේ. පසුගිය වසරේ නිව්යෝක් නුවර Antifa ක්‍රියාකාරීන්ට පහරදීම සම්බන්ධයෙන් Proud Boys සාමාජිකයින් දෙදෙනෙකු සිරගත කරන ලදී.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් සහ යූටියුබ් යන සියලුම සමාජ වේදිකාවලින් Proud Boys කණ්ඩායම තහනම් කර ඇති අතර ඔවුන් ඒ හේතුවෙන් බොහෝ දුරට අඩු ජනප්‍රිය ජාලයන් වෙත යොමු වී ඇත.
සමූහයේ වත්මන් සභාපති එන්රික් ටාරියෝ Parler ජාලය ඔස්සේ පිළිබඳ විවාදයට ප්‍රතිචාර දැක්වූයේ “Standing by sir…. I will stand down sir!!!” ලෙසයි. මැක්ඉන්නස් තම නීති කණ්ඩායමේ උපදෙස් ලබා ගන්නා බව පවසමින් 2018 දී ප්‍රසිද්ධියේම කණ්ඩායමෙන් ඉවත් විය.
නමුත් අඟහරුවාදා විවාදයට ප්‍රතිචාර දක්වන වීඩියෝවක ඔහු පැවසුවේ (මුළුමනින්ම බැරෑරුම් ලෙස පෙනෙන්නට නොතිබුණත්): “මම Proud Boys පාලනය කරමි, ඩොනල්ඩ්. නැගී නොසිටින්න, පසුබට නොවන්න.” යන්නයි.
 Telegram යෙදුම ඔස්සේ, Proud Boys විසින් විවාදය රැගත් වීඩියෝ පටය සමඟ Antifa නින්දා කරන වදන්, සහ “stand back, stand by” යන වාක්‍ය ඛණ්ඩය කණ්ඩායමේ ලාංඡනයට ඇතුළත් කළ පෝස්ට් කිහිපයක්ම හුවමාරු කර තිබුණි.
මේ අතර ජනාධිපතිවරයාගේ විවේචකයෝ ඔවුන්ව දැඩි ලෙස හෙළා දුටුවෝය.

Antifa

“anti-fascist” යන්නට කෙටියෙන් Antifa යනු බොහෝ දුරට අන්ත වාමාංශික ක්‍රියාකාරීන්ගේ ලිහිල් අනුබද්ධයකි
ඔවුන්ට අරාජකවාදීන් පමණක් නොව කොමියුනිස්ට්වාදීන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කිහිප දෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් පවසන පරිදි ඔවුන්ව වෙන් කර තබන්නේ ආත්මාරක්ෂාව සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට ඔවුන් දක්වන කැමැත්තයි.
එක්තරා කාලයකදී එක්සත් ජනපදය තුළ මුළුමනින්ම පාහේ අතුරුදහන් වූ මෙම ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු නැවතත් නැඟී ආවේය. ඔවුන් පුරුද්දක් ලෙස අන්ත දක්ෂිනාංශය සමඟ ගැටෙයි.
බොහෝ ප්‍රධාන නගරවල Black Lives Matter විරෝධතාවලදී මෙම කණ්ඩායම කැපී පෙනෙන අතර ඔරිගන්හි පෝට්ලන්ඩ් හි නොසන්සුන්තාව සමඟ විශේෂයෙන් සම්බන්ධ වී ඇත.
අගෝස්තු අග දී, තමා Antifa කණ්ඩායමට අයත් අයෙකු යැයි කියාගත්, 48 හැවිරිදි මයිකල් රෙනොහෙල්, පෝට්ලන්ඩ් ප්‍රදේශයේ Patriot Prayer කණ්ඩායමේ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කළේය. ඊළඟ සතියේ රෙනොහෙල් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
මෙම කණ්ඩායම් දෙකම සාපේක්ෂව කුඩා වන නමුත් ප්‍රචණ්ඩත්වය සඳහා ඔවුන් දක්වන නැඹුරුව, විශේෂයෙන් ඔවුන් ඇමරිකානු වීදිවලදී එකිනෙකා සමඟ ගැටෙන විට, ඔවුන් ප්‍රමුඛ සංවාද මාතෘකාවන් බවට පත් වී ඇත.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි