×

ලෝක ටෙනිස් ශූරී වීනස් විලියම්ස් 15 හැවිරිදි දැරියකට පරාජය වෙයි

1968 වසරට පසු විම්බ්ලීඩන් ලෝක ශූරතාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලත් ලාබාලතම ක්‍රීඩාකව වන්නේ කෝරී ගවුෆ්ය.


විම්බ්ලීඩන් ටෙනිස් ලෝක ශූරතාවයේ හිමිකාරත්වය පස්වතාවක් දිනාගත් ලෝක ශුරී වීනස් විලියම්ස්ට ඊයේ අන්ත පරාජයක් හිමිවිය. ඒ 2019 විම්බ්ලීඩන් කුසලානය සදහා මූලික වටය අතරතුරය. ඇමරිකානු ක්‍රීඩිකා 15 හැවිරිදි කෝරී ගවූෆ් විසින් මෙසේ ඇයව පළමු වටයේදීම පරාජය කරන ලදී.

කෝරී ගවුෆ් ලෝක ටෙනිස් ක්‍රීඩිකා ලැයිස්තුවේ සියින්නේ 313 වන ස්ථානයේය. අවුරුදු 24ක් ඇයට වඩා ජ්‍යෝෂ්ඨ ක්‍රීඩිකාවක වූ වීනස් විලියම්ස් සිය පරාජය පිළිබදව ඉමහත් කණස්සල්ලට ලක් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි.

Tennis – Wimbledon – All England Lawn Tennis and Croquet Club, London, Britain – July 1, 2019 Cori Gauff of the U.S. celebrates winning her first round match against Venus Williams of the U.S. REUTERS/Toby Melville

මම දන්නැහැ මම කොහොමද ඇයව පරාජය කලේ කියලා.. ජයග්‍රහණයෙන් පසු කෝරී එසේ පැවසුවාය.

ඇමරිකාව නියෝජනය කරන ක්‍රීඩිකාවක වන කෝරීට මීග තරගය ඇත්තේ ඇයට වඩා වසර 15ක් ජ්‍යෝෂ්ඨ ක්‍රීඩිකාවක් වන ස්ලොවැකියානු ක්‍රීඩිකා මග්දලේනා රිබොරිකෝවාය.

1968 වසරට පසු විම්බ්ලීඩන් ලෝක ශූරතාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලත් ලාබාලතම ක්‍රීඩාකව වන්නේ කෝරී ගවුෆ්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි