×

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින සිය සිහසුන අතහැරීම නිවේදනය කරයි!

සටහන – නිපුනි ලියනගේ ජනවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින නව වසරේ රූපවාහිනී දේශනයකදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.ඇය රැජින බවට පත්වී වසර 52 ක් සපිරෙන ජනවාරි 14 වන දින නිල වශයෙන් ඉවත් වනු ඇත. “මම සිංහාසනය මගේ පුතු වන ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරුට දෙමි”යි ඇය නිවේදනය කළාය. 83 හැවිරිදි ඇය […]


සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින නව වසරේ රූපවාහිනී දේශනයකදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.
ඇය රැජින බවට පත්වී වසර 52 ක් සපිරෙන ජනවාරි 14 වන දින නිල වශයෙන් ඉවත් වනු ඇත.

“මම සිංහාසනය මගේ පුතු වන ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරුට දෙමි”යි ඇය නිවේදනය කළාය.

83 හැවිරිදි ඇය 1972 දී ඇගේ පියා වන IX ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු සිංහාසනයට පත් වූ ලොව එකම රජ වූ රැජින සහ යුරෝපයේ දීර්ඝ කාලයක් සිංහාසනය දැරූ රැජින ද වනු ඇත

2023 මුල් භාගයේදී ඇයගේ පිටේ සිදු කරන ලද ශල්‍යකර්මයෙන් කාලයකින් පසුව මෙම තීරණය ගෙන ඇති බව ඇය හෙළි කළාය.

අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් රැජිනගේ සේවයට ස්තූතිය ද පුද කිරීමට කටයුතු කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි