×

QUEQIAO අංක 2 චන්ද්‍රිකාව දකුණු චීනයේ WENCHANG අභ්‍යවකාශගත කෙරේ!

එම චන්ද්‍රිකාව විවිධ සන්නිවේදන උපාංග රැගෙන යමින් විද්‍යා ගවේෂණ ද ක්‍රියාත්මක කරනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (20) පෙරවරු 8.31ට Long March 8 Y3 රොකට්ටුවේ ආධාරයෙන්, චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ 4 වැනි අදියරට අයත් Queqiao අංක 2 චන්ද්‍රිකාව දකුණු චීනයේ Wenchang අභ්‍යවකාශ නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව නිකුත් කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ කේන්ද්‍රීය කොටසක් වන මෙම චන්ද්‍රිකාව මගින්, Chang’e-4, Chang’e-6 යන චන්ද්‍ර ගවේෂණ චන්ද්‍රිකා සඳහා පෘථිවිය හා සඳ අතර සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

එම චන්ද්‍රිකාව විවිධ සන්නිවේදන උපාංග රැගෙන යමින් විද්‍යා ගවේෂණ ද ක්‍රියාත්මක කරනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි