×

සෞදි යුවතියගේ වීර චාරිකාව කැනඩාවෙන් නිම වේ.

සිය මව්පියන් සහ සහෝදරයන් සමග ජීවත් වීම තම ජීවිතය අනතුරේ හෙළීමක් බව කියමින් සෞදිඅරාබිය අතහැර ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 18 හැවිරිදි යුවතිය ඔබට මතක ඇති.


ඇය රහෆ් මොහොමඩ් අල්-කුනුන්. තායිලන්තයේදී අවශ්‍ය ලියකියවිලි නොතිබීම නිසා අත්අඩංගුවට පත් වූ ඇයට කැනඩාවේ දේශපාලන රැකවරණය පිරිනැමිණි.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) ප්‍රකාශ කර තිබුණේ ඇය ව සරණාගතයෙක් ලෙස පිළිගන්නා බවයි.

කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ , එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය කළ ඉල්ලීමෙන් පසු ඇයට වහාම ඇයට දේශපාලන රැකවරණය ලබාදීමට එකඟ විය.

UNHCR
UNHCR නිලධාරීන් සමග තායිලන්තයේදී.

මේ වන විට ඇය කැනඩාවට පැමිණ තිබේ.

සෞදි විදේශ කටයුතු ඇමතිනි ඇය හඳුන්වා දුන්නේ ‘අතිශය නිර්භීත නව කැනේඩියානුවා‘ වශයෙනි.

කොරියානු ගුවන් සේවයට අයත් යානාවක නැගී කැනඩාව බලා ආ ඇය, ගුවන් යානයට ගොඩවීමෙන් පසු සිය ඡායාරූප කිහිපයක් ට්විටර් හරහා පළ කරමින් කියා තිබුණේ, ‘‘මම එය කළා!‘‘ “I did it!” යනුවෙනි.

තායිලන්තයේ බැංකොක් නගරයේදී ඇයට ආපසු සෞදිය බලා යන ලෙස නියම කළ විට ඇය එය ප්‍රතික්ෂේප කළාය. එසේ කළහොත් තමන්ව නිසැක වශයෙන්ම මරා දමන බව කීවාය.

සෞදියේදී තමන්ට තමන් කැමති පරිදි අධ්‍යාපනය ලැබීම හෝ රැකියාවක් කිරීම හෝ කළ නොහැකි බව ඇය පවසා තිබිණි. එසේම සිය සහෝදරයන් තමන්ට පහර දෙන බව ද ඇය කියා තිබිණි.

Radio NZ
Radio NZ

නිදහස් ජීවිතයක් පතා සෞදියෙන් පළා ආ ඇය, මානව හිමිකම් අගය කරන කැනඩාව වෙත සාදරයෙන් පිළිගැනුණේ ඒ අනුව ය.

පෙර ලිපිය
සෞදි කාන්තාවගේ දුක් ගැනවිලි තවත් වරක් පුපුරුවා හළ 18 හැවිරිදි රහෆ්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි