×

‘මුම්බායි හොටෙල්’ බෝම්බ ප්‍රහාරය චිත්‍රපටයට – Hotel Mumbai

මෙයට හරියටම වසර 11කට පෙර, එනම් 2008 නොවැම්බරයේ ඉන්දියාවේ මුම්බායි නුවර ටජ් මහල් පැලස් හෝටලය දින 4 ක් මුළුල්ලේ ත්‍රස්ත ග්‍රහණයට හසුවීම බොලිවුඩ් චිත්‍රපයයකට නැගී තිබේ. ඇන්තනී මරාස්ගේ අධ්‍යක්ෂණයක් වන එහි නම ‘හොටෙල් මුම්බායි‘ (Hotel Mumbai) ය.


AK 47 රයිෆලවලින් සන්නද්ධ වූ 6 දෙනෙක් විසින් මුම්බාය පමණක් නොව මුළු ලෝකයම ත්‍රාසද්ග්‍රහණයට නතු කළ මෙම සිදුවීම පාදක කරගත් මෙම චිත්‍රපටය 2020 මාර්තු මාසයේ තිරගත වීමට නියමිත අතර මේ වන විටත් විචාරකයන්ගේ පැසසුම් රැසක් ලබා තිබේ. එහි කෙටි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදැක තිබේ.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ඔස්කාර් සම්මාන දිනූ ‘ජයි හෝ‘ චිත්‍රපටයෙන් අපට මුණ ගැසුණු දේව් පටෙල් ය. ඔහු ටජ්මහල් පැලස් හෝටලයේ සූපවේදියෙකු වන අතර, සුපිරි නළු අනූපම් ඛර් එහි ප්‍රධාන සූපවේදියා ලෙස රංගනයෙන් එක් වෙයි. එදින රාත්‍රී සේවා මුරයට එක් වන අර්ජුන් (දේව් පටෙල්) සහ හෝලටයට පැමිණෙන අති විශේෂ ආරාධිතයන් වන සාරා (Nazanin Boniadi) සහ ඩේවිඩ් (Call Me By Your Name චිත්‍රපටයෙන් ප්‍රකට වූ Armie Hammer) කේන්ද්‍රකරගෙන කතාව දිග හැරේ.

සාමාන්‍ය මිනිසුන් වීරයන් බවට පත් වන අයුරු, මිනිස් වැරදීම්, ත්‍රස්තවාදීන්ගේ ලේ පිපාසය, ලේ නහර හිරි වට්ටන ත්‍රාසය සහ භීතිය යනාදී බොලිවුඩ් චිත්‍රපටයකට අවශ්‍ය සියලු වට්ටෝරු අතරේ හොටෙල් මුම්බායි චිත්‍රපටය පරීක්ෂාකාරී පර්යේෂණයකින් පසු නිපදවූවකි. බොහෝ දෙනා දැන සිටින සත්‍ය සිදුවීමක් චිත්‍රපටයට නැගීම අභියෝගයකි. ඒ අතරම ත්‍රස්තවාදීන්ගේ පවා මානුෂීය තාත්විකත්වය මෙමගින් පිළිබිඹු කරයි. එය බොහෝ චිත්‍රපටකරුවන් නිර්භීත නොවන කාරණයකි. තුවාල වී මරණය අබියස සිටින එක් ත්‍රස්තවාදියෙකු සිය පියාට දුරකථනයෙන් අමතන්නේ තමන් ඔහුට කොතරම් ආදරේදැයි පැවසීමට ය. තවද තමන්ට මේ ජීවිත පූජාව වෙනුවෙන් ලැබිය යුතුව තිබූ මුදල ලැබුණේදැයි ඔහු පියාගෙන් විමසයි. එවිට ඔහු දැනගන්නේ තමන්ව මෙහෙයවූ මහමොළකරුවන් විසින් වංචා කර ඇති ආකාරය ය.

මුම්බායි නුවර පිහිටා ඇති ටජ්මහල් හෝටලය එදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූයේ පාකිස්ථානය පාදක කරගෙන ක්‍රියාත්මක ලාක්ෂා-ඊ-තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් බව අනාවරණය වී තිබේ. එය ඉන්දු -පාකිස්ථාන විරසකය මෙන්ම ඉස්ලාම්-හින්දු ආගම් යුද්ධයේ ද පැතිකඩක් විය. නමුත් මේ චිත්‍රපටයේදී ආගම්වාදී විලාප, මැසිවිලි හෝ චෝදනා නොනැගේ. ආගම්වාදී දර්ශන වර නොනැගේ. නමුත් කැඩුණු රුසියන් බසින් මෙබඳු වාක්‍යයක් කියනු ඇසේ. ‘

‘ආගම තමයි අපිව මේ තැනට ගත්තෙ..‘‘ – “Religion is what got us here!”

විචාරකයෝ මෙසේ කියති. ‘මෙය කළු – සුදු ප්‍රචාරණවාදී චිත්‍රපටයක් නොව නිවැරදි චිත්‍රපටයකි.‘‘

Watch the trailer here..

[embedyt] https://www.youtube.com/watch?v=A8IxhVslvro[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි