×

ලන්ඩනයේ ඩවුනිං වීදිය අසල සැකසහිත පාර්සලයක්.. අගමැතිනියගේ ජීවිතයට තර්ජනයක් ද?

මාර්ගය වසා දැමේ..


එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටා ඇති ලන්ඩනයේ ඩවුනිං වීදිය අසල සැක සහිත පාර්සලයක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සැක සහිත පාර්සලය හමුවී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ රජයේ දිස්ත්‍රික්කය ලෙස හැඳින්වෙන කලාපයේ මධ්‍යයට වන්නට ඩවුනිං වීදියට සමීප මාර්ගයක තිබීය.

බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මියගේ නිල නිවස සහ කාර්යාලය පිහිටා තිබෙන්නේ මෙම ස්ථානයේ ය.

ඒ අනුව, ඩවුනිං වීදිය අසල මාර්ගය අද (18) දින වසා දැමීමට බලධාරීන් කටයුතු කළ බව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියකු මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම සැක සහිත පාර්සලයේ අඩංගුව තිබුනේ මොනවාද යන්න පිළිබඳව තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත. කෙසේවෙතත්, මේ වන විට ලන්ඩනයේ වයිට්හෝල් (Whitehall) ශාලාව ඇතුළු රජයේ ගොඩනැඟිලි කිහිපයක්ම ජන ශුන්‍ය කිරීමට කටයුතු කර ඇති බව එරට රජයේ නියෝජිතයන් රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය කටයුතු කරන අන්දම මත ඈ ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කළ යුතු බවට ටෝරි සාමාජිකයන් අතර සාකච්ඡා පැවැත්වූ බව පසුගිය දින මාධ්‍යවල පළවිය.

ඡායාරූප: වීකීමීඩියා

මූලාශ්‍ර: රොයිටර්

සබැඳි පුවත්:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි