×

‘සල්ලි තිබුණට මොළේ නෑ කියන්නෙ නිකම් නෙවෙයි’ පීසා පෙට්ටියක් හේතුවෙන් ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට ගැනෙයි

ඔහු කාන්තාව පිරිමින්ට අයත් දේපළක් ලෙස විස්තර කිරීමත් සමඟ 2017 වසරේදී ඔහුගේ ටුවිටර් ගිණුම ඔහුට අහිමි විය.


ප්‍රසිද්ධ කික්බොක්සිං ක්‍රීඩකයෙකුවන ඇන්ඩෲ ටේට් සිය ස්ත්‍රී ද්‍රෝහි ප්‍රකාශක හා වෛරී ප්‍රකාශක සමාජගත කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු වන අතර, සිය මතවාදයන් හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා ගණනාවකින් රැසක් අහිමිකරගනු ලැබූ අයෙකි. ඔහු කාන්තාව පිරිමින්ට අයත් දේපළක් ලෙස විස්තර කිරීමත් සමඟ 2017 වසරේදී ඔහුගේ ටුවිටර් ගිණුම ඔහුට අහිමි විය.


එලොන් මස්ක් ටුවිටර් බාර ගැනීමත් සමඟ ඔහුගේ ගිණුම නැවත පිහිටවූ අතර ඔහු නැවතත් පෙර පුරුදු පරිදිම සිය වෛරී සහගත ප්‍රකාශ ඒ හරහා දියත් කරන්නට විය. ඔහු පසුගියදා දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් සමඟ ටුවිටර් මාධ්‍ය හරහා පැටලුණු අතර එය අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ බොහෝ උපහාසයට හේතු විය.


වර්සේස් සිවුරක් ඇඳගෙන, සුරුට්ටුවක් උරමින් සිටින වීඩියෝවක් පළ කළ ඇන්ඩෲ ටේට්, එහි ජෙරීස් පීසා පෙට්ටි පෙන්වමින් ඒවා නොදිරන බව කියමින් තුන්බර්ග්ට අභියෝග කරන්නට විය. මේත් සමඟ අවස්ථා ගණනාවකදී මිනිස් ජාවාරම්, ස්ත්‍රී දූෂණ සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පිහිටුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවකු ඇන්ඩෲ ටේට් රුමේනියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අනතුරුව රුමේනියානු අධිකරණය විසින් ඇන්ඩෲ ටේට් දින 30ක කාලයක් සඳහා රඳවා තැබීමට නියෝග කළ බව රුමේනියානු සංවිධානාත්මක අපරාධ විරෝධී ඒජන්සිය වන DIICOT හි ප්‍රකාශක රමෝනා බොල්ලා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි