×

ලෝකයේ විශිෂ්ටතම නිදහස් මාධ්‍යවේදීන් උදෙසා රොරිපෙක් සම්මානය

සුවිශේෂ මාධ්‍යවේදීන් කිහිප පළකට රෝරි පෙක් සම්මාන - මාධ්‍යයට සුවිශේෂ සේවාවක් කළ මාධ්‍යවේදීන් අගයමින් රෝරි පෙක් සම්මාන පිරිනැමේ.


නිදහස් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරමින් කාලීන පුවත් ඒකරාශීකරණය සහ වාර්තාකරණය විෂයයෙහි සුවිශේෂ දක්ෂතා දැක්වූ මාධ්‍යවේදීහු රෝරි පෙක් 2018 පිදුම් ලබති. සම්මාන ප්‍රදානය ස්කයි නිවුස්හි ඇලෙක්ස් ක්‍රව්ෆොර්ඩ් සහ බී.බී.සී.යේ ජෙරමි බොවෙන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පැවැත් විණ. rory peck awards 2018

ප්‍රවෘත්ති විශේෂාංග සඳහා හිමිවන රෝරි පෙක් සම්මානය ලබා ගත්තේ ඇමෙරිකා ජාතික මාධ්‍යවේදිනී රූපා ගොගිනෙනිය. රූපා සම්මානයට පාත්‍ර වුණේ ඈ නිර්මාණය කළ “ද රෙබෙල් පපෙටීර්ස් ඔෆ් සුඩාන්” (The Rebel Puppeteers of Sudan) නැමැති උපහාසාත්මක චිත්‍රපටය හේතුවෙනි. ඇගේ නිර්මාණය තුළින් එළිදැක්වුණේ සුඩානයේ නුබා කඳුකරයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වයයි.

කාලින සිදුවීම් වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන “ද සෝනි ඉම්පැක්ට්” (The Sony Impact Award for Current Affairs) සම්මානය පිරිනැමුණේ ඩීයාහ් ඛාන් සහ ඩාරින් ප්‍රින්ඩ්ල් යන මාධ්‍යවේදීන් දෙදෙනාටයි. ඔවුන් දෙදෙනා කළ White Right: Meeting the Enemy නමැති චිත්‍රපටය ඇගයීමට ලක්විණ.

ප්‍රවෘත්ති විෂයය අරභයා පිරිනැමෙන රෝරි පෙක් (The Rory Peck Award for News) සම්මානය මෙවර පිරිනැමුණේ ගූගල් සම අනුග්‍රාහකත්වය ද ඇතිවය. එම සම්මානය පිරිනැමුණේ ස්පාඥ්ඥ ජාතික මාධ්‍යවේදී මයිකෙල් කොනාටේටය. රෝයිටර්ස් පුවත් සේවය වෙනුවෙන් ඔහු වාර්තා කර තිබුණු ප්‍රවෘත්තියක් මෙමඟින් අගැයුමට ලක් කෙරිණ. සරණාගතයන් සමූහයක් බේරා ගැනීම සඳහා ස්පාඥ්ඥයේ, රාජ්‍යය නොවන සංවිධානයක් පැය දහයක් මුළුල්ලේ මධ්‍යධරණී මුහුදේ කරන ගෙන ගිය අසීරු මෙහෙයුමක් එම ප්‍රවෘත්තියට පාදක වී තිබිණ.

මාර්ටින් ඇඩ්ලර් සම්මානයෙන් ඇගයීමට ලක් කෙරුණේ ජීවිතක්ෂයට පත් ඩෆ්නි කරුවානා ගලිෂියා නැමැති මෝල්ටෝවා ජාතික නිදහස් මාධ්‍යයවේදිනියයි.
අල්ලස් දූෂණවලට එරෙහිව සිය පෑන මෙහෙය වූ ඩෆ්නි සිය නිවෙස ආසන්නයේදීම බෝම්බ ප්‍රහාරයකට ගොදුරුව පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත් වූවාය. මිය යනවිට ඈ පනස් තුන් හැවිරිදි වියේ පසු විණ. ජීවිතක්ෂයට පත් මාධ්‍යවේදිනියක් මාර්ටින් ඇඩ්ලර් සම්මානයට පළමුවරට පාත්‍ර වී නම් ඒ ඩෆ්නි කරුවානා ගලිෂියායි. ඩෆ්නි කරුවානා ගලිෂියා වෙනුවෙන් පිරිනැමුණු සම්මානය ඇගේ පුත් මැතිව් කරුවානා ගලිෂියා ලබා ගත්තේය.

සම්මානයට පාත්‍ර වූ සෑම මාධ්‍යවේදියකුම ප්‍රවෘත්ති ඒකරාශීකරණය සහ ප්‍රවෘත්තිවලට ප්‍රවේශ වීම යන විෂයයන්හිදී ඉතාමත් තීරණාත්මක කාර්යයක් සිදුකර ඇති බව රෝරි පෙක් පදනමේ අධ්‍යක්ෂිකා ක්ලොතිල්ඩේ රෙඩ්ෆර්න් උත්සව සභාව අමතමින් පෙන්වා දුන්නාය.

රෝරිපෙක් සම්මාන පිළිබඳ පෙර ලිපි

සුවඳැති කුසුමකට සම්මානයක්

සෑම 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් අල්ලස් දෙන-ලබන රටක  මරා දැමුණු මාධ්‍යවේදිනිය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි