×

ඔත්තු බැලීමේ චෝදනා මත එක්සත් ජනපද මාධ්‍යවේදී ඉවාන් ගර්ෂ්කොවිච් රුසියානු අත්අඩංගුවට

ලෙෆෝර්ටෝවෝ දිස්ත්‍රික් උසාවිය විසින් ඉවාන් ගර්ෂ්කොවිච් ලබන මැයි මස 29වන දා දක්වා රඳවා තැබීමට නියෝග කර තිබේ.


ඔත්තු බැලීමේ චෝදනා මත වෝල් ස්ට්‍රීට් ජර්නලයේ සේවය කරන ලද එක්සත් ජනපද මාධ්‍යවේදියෙකු වන ඉවාන් ගර්ෂ්කොවිච් නිල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව රුසියාව විසින් නිවේදනය කර තිබේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ඔත්තු බැලීමේ චොදනාව දැඩි ලෙස ප්‍රතික්ෂප කර ඇති අතර ඉවාන් ගර්ෂ්කොවිච්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන බවත්, ඔහු වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා ඇත.

ෆෙඩරල් ආරක්ෂක මේවය (FSB)මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ මෙම වාර්තාකරු එක්සත් ජනපද උපදෙස් අනුව ක්‍රියාකළ බවත්, රාජ්‍ය රහස් එකතු කරනු ලැබූ බවත්ය. රුසියානු නීතිය යටතේ ඔත්තු බැලීමේ චෝදනාව තහවුරු වන්නේ නම් වසර 20ක සිර දඬුවම් නියම වන අතර ලෙෆෝර්ටෝවෝ දිස්ත්‍රික් උසාවිය විසින් ඉවාන් ගර්ෂ්කොවිච් ලබන මැයි මස 29වන දා දක්වා රඳවා තැබීමට නියෝග කර තිබේ.

ඉවාන් ගර්ෂ්කොවිච් විසින් අවසාන වශයෙන් රුසියාවේ පිරිහෙන ආර්ථිකය සහ සමාජ වියදම් පවත්වා ගනිමින් ක්‍රෙම්ලිනයට කටයුතු කිරීමට සිදුවන ආකාරය පිළිබඳ පිළිබඳ වාර්තා කර තිබිණ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි