×

රුසියාව සහ චීනය වෙළඳ සහ ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ නව ගිවිසුම් මාලාවකට අත්සන් තබයි

සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ අමාත්‍යවරු සේවා වෙළඳ සහයෝගීතාව සහ ක්‍රීඩා සම්බන්ධයෙන් මෙන්ම පේටන්ට් බලපත්‍ර සහ චීනය වෙත රුසියානු මෙනේරි අපනයනය පිළිබඳ ගිවිසුම් මාලාවකට අත්සන් තබන ලදි.


රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් විසින් අද (24)දින බීජිං හි සංචාරයේදී චීන අගමැති ලී චියැන්ග් සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, රුසියානු හා චීනය පෙර නොවූ විරූ ලෙස වෙළඳ සහ ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් මාලාවකට අත්සන් තැබීම හේතුවෙන් බටහිර ජාතීන්ගේ පීඩනය උත්සන්නව ඇති බවයි.

පසුගියදා ජපානයේ හිරෝෂිමාහි G7 බලවතුන්ගේ සම්මේලනයත් සමඟ යුක්රේන යුද්ධයේ බර හා බටහිර සම්භාදක වැඩි වැඩියෙන් රුසියාව කෙරේ යොමු වීමත් සමඟ ඒ වෙනුවෙන් චීනය මැදිහත් වෙමින් ඇත. චීන වාර්තාවන්ට අනුව රුසියාව හා චීනය අතර වෙළඳාම හේතුවෙන් පසුගිය වසරේ වාර්තාගත ඩොලර් බිලියන 190ක ලාභයක් උපයා ඇති අතර එය මේ වසර වන විට ඩොලර් බිලියන 70 දක්වා ඉක්මවා ඇත.

සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ අමාත්‍යවරු සේවා වෙළඳ සහයෝගීතාව සහ ක්‍රීඩා සම්බන්ධයෙන් මෙන්ම පේටන්ට් බලපත්‍ර සහ චීනය වෙත රුසියානු මෙනේරි අපනයනය පිළිබඳ ගිවිසුම් මාලාවකට අත්සන් තබන ලදි. එමෙන්ම රුසියාවේ ඉහළම බලශක්ති පාරිභොගීකයාවන චීනයට වසරින් වසර රුසියානු බලශක්ති සැපයුම 40 %කින් ඉහළයනු ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි