×

කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමෙන් ආසියාවේ ධාන්‍ය මිල ඉහළ යයි ද ?

ධාන්‍ය, තෙල් බීජ මෙන්ම එළවළු තෙල්වල මිල ඉහළ යාම හේතුවෙන් ආසියාවේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑමක් ඇතිවිය හැකි අතර කලාපයේ ආහාර උද්ධමනය ඉහළ යනු ඇති බවයි.


කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමත් සමඟ ආසියාවේ ධාන්‍ය මිල ඉහළයනු ඇති බවට විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙම ගනුදෙනුව හරහා ආසියාවට ලැබෙන 46%ක ප්‍රමාණය අහිමි වන්නේ නම් ධාන්‍ය, තෙල් බීජ මෙන්ම එළවළු තෙල්වල මිල ඉහළ යාම සිදුවනු ඇති බවත් එමඟින් ආසියාවේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑමක් ඇතිවී කලාපයේ ආහාර උද්ධමනය ඉහළ යනු ඇති බවත්ය.

මෙම ධාන්‍ය ගනුදෙනුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ තුර්කිය මැදිහත්ව යුක්‍රේනයේ යුද්ධයෙන් කඩාකප්පල් වූ යුක්‍රේන ධාන්‍ය අපනයනය නැවත පන ගන්වමින් විශේෂයෙන් ඇෆ්ගනිස්ථානය, ඉතියෝපියාව, කෙන්යාව, සුඩානය සහ යේමනය ඇතුළු ලොව පුරා කුසගින්නෙන් මිදීම හා ගෝලීය ආහාර අර්බුදය වැලැක්වීමේ ප්‍රයත්නයක් ලෙස ආරම්භ කරන ලදි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි