×

එක් රාත්‍රියකින් රොක් තරුවක් බවට පත් සනා මරීන්

.බොහෝ දේශපාලන විද්වතුන් ප්‍රකාශ කරන්නේ ඇගේ මීළඟ ඡන්දයට මෙය ප්‍රධාන වශයෙන් බලපානු ඇති බවයි.


හෙල්සින්කි හි ගිම්හාන රාත්‍රියක, සනා මරින් ඇගේ මිතුරන් සමඟ පැවැත්වූ සාදයයේ ඡායාරූපයන් හා වීඩියෝ පට පසුගිය දින කිහිපය පුරා පුවත් මවන්නට සමත් විය.

ඇගේ නිල නිවසේ උඩුකය නිරුවතින් සිප ගන්නා තරුණියන්ගේ ඡායාරූපයක් පසුව ප්‍රසිද්ධියට පත් වූ විට, ඇය සමාව අයැද එය “නුසුදුසු” බව පිළිගත්තාය.
හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥවරියක වන ජොහානා වුරෙල්මා ද ෆින්ලන්තයේ දේශපාලනයේ විධිමත් බව අවධාරණය කළාය. සනා මරින් මහත්මියගේ නායකත්වයෙන් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDP) හිටපු ලේකම් මයිකල් ජුන්ග්නර් පවසා තිබුණේ මෙලෙස නිකුත් වූ වීඩියෝ සහ ඡායාරූප හාස්‍යජනක බවත් ලබන වසරේ මැතිවරණයේදී ඇයට අගමැති ලෙස දිවි ගලවා ගැනීමට ඇති ඉඩකඩ අඩු බවත්ය.

මේ වන විට ෆින්ලන්තයේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සනා මරින්ගේ නර්තනයේ වීඩියෝ බෙදා ගැනීමට සමාජ මාධ්‍ය වෙත යොමු ව තිබේ. එපමණක්ද නොව, ඇය රොක් ස්ටාර් ලෙස දකින ආධාරකරුවන්ගේ ඉතා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගෙන ඇති බවද අනාවරණය වේ. කෙසේ නමුත් , සනා මරින් මෙම වීඩියෝ හා ඡායාරූප සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ තමන්ද සාමාන්‍ය මනුෂ්‍යයෙකු බවත් අඳුරු කාලවලදී, යම් ප්‍රීතියක්, ආලෝකයක් සහ විනෝදයක් අවශ්‍ය බවයි.

නමුත් සනා මරීන් අග්‍රාමාත්‍යවරියගේ චර්යාව මේ වන විට ජාත්‍යන්තරිකව සදාචාරාත්මක ප්‍රශ්නයක් බවට පත් ව ඇත. ඈ තරුණ ආකර්ෂණ්‍යී කාන්තා නායිකාවක් වීම මෙම ප්‍රශ්නය තව දුරටත් අවුළුවා ඇත. බොහෝ දේශපාලන විද්වතුන් ප්‍රකාශ කරන්නේ ඇගේ මීළඟ ඡන්දයට මෙය ප්‍රධාන වශයෙන් බලපානු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි