×

2018 වසරේ තුර්කි ස්වාමියන් මරා දැමූ බිරියන් වෙනුවෙන් තැණුන ශෝකාන්තයේ සමරු ඵලකය

2019 වසරේ අගෝස්තු මස පමණක් තුර්කියේ ස්වාමියන් අතින් මරා දැමුණු කාන්තාවන් ගණන 49කි.


 

ඉහත ඡායාරූපය දුටු සැණින් අපට මතක් වන්නේ පාවහන් අලෙවි සැළකි. නැත්නම් පාවහන් දැන්වීමකි. නමුත් මෙම ඡායාරූය පිටුපස සැඟවුණූ සත්‍යය.. එතරම් සරළ හෝ සැපදායක නැ.ත.

මෙහි දැක්වෙන්නේ තුර්කි කලා කරුවෙකු වූ වාහිත් ටූනා විසින් නිර්මාණය කරන ලද අනුස් මරණ ඵලකයකි. ඉ්ල්ස්තාම්බුල් නගර මධ්‍යයේ ගොඩ නැගිල්ලක බිත්ති ආශ්‍රිතව නිර්මාණය කර ඇති මෙම ඵලකය සඛේතවත් කරන්නේ 2018 වසරේදී තුර්කියෙන් වාර්ථා වූ සිය ස්වාමි පුරුෂයන් විසින් ඝාතනයට ලක් වූ භාර්යයාවන් සිහිපත් කරන්නටය. 2018 වසරේදී පමණක් එසේ ඝාතනය වූ කාන්තාවන් සංඛ්‍යාව 440කි. ඒ සෑම කාන්තාවකම සංඛේතවත් කිරීමට අඩි අසැති සපත්තු ජෝඩුවක් බැගින් යොදා ගනිමින් මෙම ඵලකය නිර්මාණය කර ඇත. එහි විශාලත්වය වර්ග මීටර 260 කි.

තුර්කිය යනු ලෝකයේ ස්වාමි පුරුෂයන් අතින් ඝාතනය වන භාර්යන් වැඩි සංඛ්‍යාවක් වාර්ථා වන රාජ්‍යයකි. 2011 වර්ෂයේදී තුර්කි භාර්යාවන් 121ක් ස්වාමි පුරුෂයන් අතින් ඝාතනය වු අතර ගෘහස්ථ හිංසනය වැළැක්වීම සඳහා යුරෝපා කවුන්සිලයේ සම්මුතියක් අනුමත කළ පළමු රට බවට තුර්කිය පත් වන්නේද එම වසරේදීමය.

An art installation by Turkish artist Vahit Tuna with 440 pairs of high heels, the number of women murdered by men in Turkey in 2018, symbolizing the victims of domestic violence, is pictured in Istanbul, Turkey, September 11, 2019. REUTERS/Mesude Bulbul

ස්වාමි පුරුෂයින් අතින් මිය ගිය කාන්තාවන් සංඛේතවත් කිරීමට සෞන්දර්යාත්මක හේතූන් සමඟ කලාකරුවා කාන්තාවන්ගේ ස්වාධීනත්වය සංකේතවත් කිරීම අරමුණින් උස සපත්තු භාවිතා කර ඇත. ඔවුන් රැකියාවල නිරත වේ, ඔවුන් තමන්ගේම මුදල් උපයති, එබැවින් ඔවුන් රැකබලා ගැනීමට පිරිමියෙකු අවශ්‍ය නොවේ. යන්න එමගින් කියා පායි. සාමාන්‍යයෙන් තුර්කියේ කාන්තාවක් මිය ගිය විට ඇය ගේ සපත්තු කුට්ටමක් එළි මහනේ තැබීමේ චාරිත්‍රයක්ද ඇතැම් තුර්කි ජනයා අතර වෙයි. ඇතැම් විට එම චාරිත්‍රයද මෙම නිර්මාණය සදහා පූර්වාදර්ශයක් වන්නට ඇත.

Kadin Cinayetlerini Durduracagiz Platformu (We Will Stop Femicide) සංවිධානයට අනුව 2019 වසරේ අගෝස්තු මස පමණක් තුර්කියේ ස්වාමියන් අතින් මරා දැමුණු කාන්තාවන් ගණන 49කි.

ගෘහස්ථ හිංසනය යනු නොසළකා හැර සිටිය නොහැකි දැවැන්ත ගෝලීය අර්බුදයකි. එය බොහෝ විට ස්ත්‍රී ඝාතනවලට තුඩු දෙයි.  එය වෛරය පදනම් කරගත් ලිංගික අපරාධ ලෙසද අර්ථ දක්වා ඇත.

තුර්කියේ, වයස අවුරුදු 15 ත් 59 ත් අතර කාන්තාවන්ගෙන් 38% ක් යම් අවස්ථාවක දී හවුල්කරුවෙකු විසින් පහර කෑමට ලක්වේ . ගෝලීය තත්ත්වය සළකා බැලුවහෝත් ගෘහස්ත හිංසනය නිසා පීඩා විඳින කාන්තාවන් සිටින්නේ තුර්කියේ පමණක් නොවේ.

Shocking Memorial In Turkey Commemorates 440 Women Who Were Killed By Their Husbands In 2018

එක්සත් ජනපදයේ සිදුවීම් පරීක්ෂා කරන එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට අනුව කාන්තාවන් සංවිධානයට අනුව සියයට 70 ක් පමණ සමීප සහකරුවෙකුගෙන් ශාරීරික හා ලිංගික හිංසනය අත්විඳියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද පරීක්ෂණවලින් පෙනී යන්නේ සබ් සහරානියානු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල කාන්තාවන්ගෙන් සියයට 65 ක් සහ දකුණු ආසියාවේ කාන්තාවන්ගෙන් සියයට 40 ක්සහකරුවන් ප්‍රචණ්ඩත්වය .ට ගොදුරු වන බවයි.

Shocking Memorial In Turkey Commemorates 440 Women Who Were Killed By Their Husbands In 2018
2017 දී ලොව පුරා කාන්තාවන් 87,000 ක් ඝාතනයට ලක්වූ අතර, තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් වත්මන් හෝ හිටපු හවුල්කරුවෙකු විසින් ඝාතනයට ලක් වී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි අතර, එල්ජීබීටීඅයි ප්‍රජාව සමඟ හඳුනා ගන්නා කාන්තාවන්, සංක්‍රමණිකයන් සහ සරණාගතයින්, ආදිවාසී සුළුතරයන් සහ මානුෂීය අර්බුදවලින් ජීවත්වන කාන්තාවන් විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හානිවලට වැඩි වශයෙන් ගොදුරු වන බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි