×

එවරස්ට් කන්ද අසල හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් හය දෙනෙකු මරුට

අනපේක්ෂිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙලිකොප්ටරයේ සැලසුම් කළ ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදු වූ බවයි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ.


ඊයේ(11)දිනයේදී මෙක්සිකානු සංචාරකයන් පිරිසක් රැගත් Manang Air සමාගමට අයත් හෙලිකොප්ටරයක් එවරස්ට්හි දර්ශන නරඹා නැවත කත්මන්ඩු අගනුවර බලා එමින් සිටියදී එවරස්ට් කන්ද අසල කඩා වැටීම හේතුවෙ හය දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මේවන විට අධික මෝසම් වර්ෂාවක් නේපාල ප්‍රදේශයට ලැබෙන අතර, අනපේක්ෂිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙලිකොප්ටරයේ සැලසුම් කළ ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදු වූ බවයි බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ.

මීට මාස හයකට පෙරද නේපාල්හි භයානක ගුවන් අනතුරක් සිදු වූ අතර ඉන් පුද්ගලයන් 72දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය යන ලදි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි