×

බස් රථයක් පෙරලීමෙන් දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් 45 දෙනෙකු මිය යයි

සුන්බුන් අතරට ළඟා වීම දුෂ්කරව ඇති බවයි වාර්තා වන්නේ,


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ ඊසානදිග ලිම්පෝපෝ පළාතේ බොට්ස්වානා අගනුවර වන ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් මීටර් 50ක් (අඩි 165ක්) පමණ ප්‍රපාතයකට පෙරලියාම හේතුවෙන් පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

අවුරුදු අට හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර ඇය බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ(28) සවස් වන තුරුම ක්‍රියාත්මක වූ අතර සුන්බුන් අතරට ළඟා වීම දුෂ්කරව ඇති බවයි වාර්තා වන්නේ,

සිද්ධිය වූ ස්ථානයට ගිය ප්‍රවාහන අමාත්‍ය සින්දිසිවේ චිකුංගා “ඛේදජනක බස් රථ අනතුරෙන් විපතට පත් පවුල්වලට සිය හෘදයාංගම ශෝකය” පළ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි