×

අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහල යාම, විදුලි කප්පාදුව, ආහාර සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව සිරියාවේ විරෝධතා; දෙදෙනෙකු මරුට

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ජනගහනයෙන් සියයට අනූවක් දැන් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර මිලියන 12.4 ක ජනතාවකට ආහාර ගැනීමට ප්‍රමාණවත් නැත.


අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහල යාම, විදුලි කප්පාදුව, ආහාර සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් දකුණු සිරියාවේ ස්වීඩා නගරයේ විරෝධතාකරුවන් පළාත් රජයේ ගොඩනැගිල්ලකට කඩා වැදීමෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.


ක්‍රියාකාරික මාධ්‍ය සාමූහිකය Suwayda 24 සහ එක්සත් රාජධානිය පදනම් කරගත් අධීක්ෂණ කණ්ඩායමක් වන මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ කණ්ඩායම විසින් මෙම මරණ දෙක හා වෙඩිතැබීම තහවුරු කර ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබුණේ ප්‍රදේශයේ විශාල ආරක්ෂක හමුදා යොදවා ඇති අතර වෙඩි හඬ තවමත් ඇසෙන බවයි.


සිරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගොඩනැගිල්ල වැටලූ පුද්ගලයින් ආයුධ සන්නද්ධව ගෘහ භාණ්ඩ විනාශ කර ජනෙල් කඩා ලිපිගොනු කොල්ලකෑ බවයි. එමෙන්ම නීති විරෝධී කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානයට කඩා වැදී එක් පොලිස් නිලධාරියෙකු මරා දැමූ බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
රාජ්‍ය රූපවාහිනිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ නීති කඩ කරන්නන් පළාත් පාළන ගොඩනැගිල්ලට කඩා වැදී නිල ලේඛණ ගිණිතැබූ බවයි.

2022 වඩා හොඳ ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා පෙබරවාරි මාසයේදී සියගණනක් ජනයා ස්වීඩා හි විරෝධතා පැවැත්වූ නමුත් එය ප්‍රතිඵලදායක නොවීය.

සිරියාවේ ආර්ථිකය එහි දිගුකාලීන යුද්ධය සහ ඩැමස්කස්ට එරෙහි බටහිර සම්බාධක යන දෙකින්ම කඩා වැටී ඇති අතර සිරියානු පවුමේ අගය පහත වැටී ඇත. රටපුරා බලපාන විදුලිය සලාකනය සහ නිදන්ගත ඉන්ධන හිඟය හේතුවෙන් සිරියානුවන් දැඩි ලෙස පීඩනයට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ජනගහනයෙන් සියයට අනූවක් දැන් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර මිලියන 12.4 ක ජනතාවකට ආහාර ගැනීමට ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.

සිරියාවේ ආණ්ඩු විරෝධී පෙළපාලි දුර්ලභ වන අතර 2011 සාමකාමී අරගලයක් ලේ වැකි යුද්ධයක් දක්වා පරිණාමය වූ දා සිට මිලියන භාගයකට ආසන්න ජනතාවක් මිය ගොස් ඇති අතර රටේ ජනගහනයෙන් අඩක් අවතැන් වී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි