×

අද ගමන් ඇරඹූ, ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට අභ්‍යවකාශයට ගිය රාවණා – 1

මෙහි අවම ආයු කාලය අවුරුදු එක හමාරකි. නමුත් එය අවුරුදු 5ක් දක්වා පවතින් ඇති බවට විශ්වාස කෙරේ.


ශ්‍රි ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට අභ්‍යවකාශ ගත කරන්නට සූදානමින් සිටි රාවණා – 1 චන්ද්‍රිකාව අතිසාර්ථක ලෙස අද අලුයම 2.16 පෘථිවියෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කර ගමන් ආරම්භ කළේය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවන් දෙපළක් වන තරිදු බී දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ විසින් සැළසුම් සිදු කරන ලද මෙම රාවණා 1 චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මාධ්‍යස්ථානය වෙත ළගා වීමට දින එක හමාරක කාලයක් ගත කරනු ඇති බව වාර්ථා වේ. මෙම චන්ද්‍රිකාව ඉන් ඉක්බිතිව ලබන ජූනි මස කක්ෂ ගත කිරීම සදහා සැළසුම් සකස් කරමින් පවතින බව එහි නිර්මාපකයන් විසින් සදහන් කර ඇත.

ශ්‍රි ලංකාව විසින් කක්ක්ෂ ගත කිරීමට සූදානම් වන ප්‍රථම චන්ද්‍රිකා යානය වන මෙම රාවණා 1 පසුගිය පෙබරවාරියේදී ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දීමෙන් අනතුරුව අද දින එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි.

ඝනක චන්ද්‍රිකාවක් (cube satellite) වන රාවණා 1 (RAAVANA-1) ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයකින් සහ බර කිලෝග්‍රෑම් 1.05කින් යුක්ත වේ . ඝනක චන්ද්‍රිකාවක් යනුවෙන් හදුන් වන්නේ නොවන ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි.

මෙය කක්ක්ෂ ගත කිරීම ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් සිදු කරන ලද අතර මෙහි අවම ආයු කාලය අවුරුදු එක හමාරකි. නමුත් එය අවුරුදු 5ක් දක්වා පවතින් ඇති බවට විශ්වාස කෙරේ.

මෙම චන්ද්‍රිකාව කක්ක්ෂ ගත කිරීම මගින් අපේක්ෂිත අරමුණු අතර රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.

  • ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  • ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  • චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  • කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳ අත්හදා බැලීම.
  • පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම

යන අරමුණු සමන්විත වේ. ශ්‍රි ලංකාවට කීර්තියක් ගෙනා ”රාවණා 1 ” මෙහෙයුම් සාර්ථක වේවා! යැයි අපි සුභ පතමු.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි