×

සූඩානයේ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් ළමුන්ද ඇතුළුව පුද්ගලයන් 17 දෙනෙකු මිය යයි

සිවිල් වැසියන් ඇතුළුව 1000කට අධික පිරිසක් මියගොස් ඇත.


සුඩානයේ කාර්ටූම් අගනුවර ගුවන් ප්‍රහාරයකින් ළමුන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකාය(RSF) අතර සටන අප්‍රේල් මැද භාගයේ ආරම්භ වූයේ රටේ හමුදා නායකත්වය තුළ ඇති වූ දරුණු බල අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙනි.

මේ වන විට සටන් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන තහවුරු කිරීම දුෂ්කර නමුත් සිවිල් වැසියන් ඇතුළුව 3,000කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දළ වශයෙන් මිලියන 2.2 ක ජනතාවක් රට තුළ අවතැන් වී ඇති අතර මිලියන භාගයකට වැඩි පිරිසක් අසල්වැසි රටවලට පලාගොස් ඇත.

ඊයේ(17)දිනය වන විට සෞදි සහ එක්සත් ජනපද මැදිහත්කරුවන් විසින් RSF නායක මොහොමඩ් හම්දාන් “හෙමෙඩ්ටි” ඩගාලෝ සහ සුඩානයේ තථ්‍ය නායක සහ හමුදා ප්‍රධානී අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සමඟ එකඟව පැය 72 සටන් විරාමයක් නිවේදනය කර ඇති මුත් මේ වන තෙක් දිගුකාලීන විසඳුමකට දෙපාර්ශවයම එකඟ කර ගැනීමට නොහැකි වී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි