×

සුඩාන අධිකරණයෙන් බුද්ධි අංශ නිළධාරීන් 29 කට මරණ දඬුවම

නඩු විභාගය පැවැත්වූ සුඩානයේ ඔම්ඩූර්මන් උසාවිය පිටත සිය ගණනක් පිරිස අල් කීර් ට සාධාරණත් ය ඉල්ලා පෙළ ගැසී සිටියහ.


 

සුඩානයේ හිටපු ජනපති ඔමාර් අල් බෂීර්ට එරෙහිව විරෝධතා පැවැත්වූ ගුරුවරයෙකුට දරුණු ලෙස වධහිංසා කර මරා දැමූ බවට චෝදනා ලැබ සිටි බුද්ධි අංශ නිළධාරීන් 29 දෙනෙකු අද සුඩාන අධිකරණය විසින් වරද කරුවන් කර මරණ දඩුවම නියම කරනු ලැබීය.

විනිසුරු සාදෙක් අබ්දෙල්රහුමාන් පවසන්නේ අල් කීර් නම් ගුරුවරයා සුඩානයේ නැගෙනහිර පළාතේ කසාලා ප්‍රදේශයේ දී බුද්ධි අංශ  සේවා මධ්‍යස්ථානයක් තුළදී මාරාන්තික ලෙස අපයෝජනය කර වධ හිංසා සහ පහර දීම් වලට ලක් කර මරා දමා ඇති බවයි. ඒ සම්බද්ධ චෝදනා ලබා සිටින බුද්ධි අංශ නිළධාරීන් එල්ලා මැරීම ට නියෝග කර ඇත.

මරා දැමුණූ ගුරුවරයාගේ පවුලේ සාමාජිකයන් වෙත දන්වා ඇත්තේ ඔහු අත්අඩංගුවේ සිටියදී වස පානය කර මිය ගොස් ඇති බවයි. නමුත් පසුව කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔහුට පහර දී මරා දමා ඇති බවයි.

මෙම නඩු විභාගය පැවැත්වූ සුඩානයේ ඔම්ඩූර්මන් උසාවිය පිටත සිය ගණනක් පිරිස අල් කීර් වෙනුවෙන් සාධාරණත්ව අධීකරණයෙන් ඉල්ලා සිටීම සදහා පෙළ ගැසී සිටියහ.

එරට පාන් ඇතුළු ආහාර මිල ඉහළ යෑමට විරුද්ධව මූලිකවම 2018 වසරේ දෙසැම්බරයේ සුඩානයේ උද්ඝෝෂණ ආරම්භ වූ අතර අවසානයේ විරෝධතාකරුවන් බල කර සිටියේ අල් බෂීර් ජනපතිධූරයෙන් ඉවත්විය යුතු බවයි.

ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් මස හමුදා අත් අඩංගුවට පත් වූ නමුත් තවදුරටත් පැවති විරෝධතා අඛණ්ඩව සිදු වූ අතර, අගෝස්තු මාසයේ දී ඒකාබද්ධ මිලිටරි-සිවිල් ඒකාබද්ධ කවුන්සිලයක් පිහිටුවන ලදී.

ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට අනුව 250 කට ආසන්න පිරිසක් විරෝධතා අතර තුර ඝාතනය වී ඇත.

සුඩාන අධිකරණයේ මෙම තීන්දුව උතුරු අප්‍රිකානු රාජ්‍යක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය සහ සාධාරණත්වය ඉටුවූ අවස්ථාවක් බව ජාත්‍යන්තර විචාරක මතයයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි