×

තුර්කි අගනුවර බෝම්බ පිපිරීමක්

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත


තුර්කියේ අගනුවර වන අන්කාරා හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවත්, මරණ කිසිවක් වාර්තා නොවන බවත්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

මේ වන විට ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසි කිරීමක් යටතේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල අවට ආරක්ෂාව තර කර තිබෙන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි