×

සිරියානු වෙළඳපොළකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 18ක් මිය යයි.

සිරියානු කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඉඩ්ලිබ් නගරයේ වෙළඳපලකට සහ කාර්මික කලාපයකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.


එක්සත් රාජධානියේ සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය (SOHR) පැවසුවේ බදාදා ඉඩ්ලිබ් නගරයේ කාර්යබහුල අල්-හල් වෙළඳපොළට සහ කාර්මික කලාපයට බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවයි.

සිරියානු කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඉඩ්ලිබ් නගරයේ වෙළඳපලකට සහ කාර්මික කලාපයකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

නිරීක්ෂණ කණ්ඩායමක් පැවසුවේ රුසියානු සහ සිරියානු රජයේ ගුවන් යානා මෙම ප්‍රහාර සිදු කළ බවයි. රුසියාව සහ තුර්කිය විසින් මේ මස මුලදී සටන් විරාමයක් ලබා සිටියදීත් මෙසේ ගුවන් ප්‍රහාර එල්ලවීම සිදුවී ඇත. දෙසැම්බරයේ එල්ලවූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 24ක් මියගියහ.

ඉඩ්ලිබ් යනු සිරියාවේ වයඹ පළාතේ අගනුවර වන අතර එය කැරලිකාර කණ්ඩායම්වල අවසාන බලකොටුව වේ.

සිරියානු රජය හෝ රුසියානු හමුදා මෙම ගුවන් ප්‍රහාර ගැන මෙතෙක් අදහස් දක්වා නොමැත.

AFP ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරුවෙකු පැවසුවේ කාර්මික කලාපයේ මෝටර් රථ කිහිපයක් ගිනිගෙන දැවී ඇති අතර ඒ තුළ සිටි එතැනම රියදුරන් මියගොස් ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි