×

තලෙයිබාන් රජය කාන්තාවන්ට ගල් ගසා මරා දැමීමේ නීති නැවත ක්‍රියාත්මක කිරීමට සැරසේ

කාන්තාවන් සඳහා පුද්ගලික දඬුවම්වල නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇත.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම නැවත ආරම්භ කරන බවට තලේබාන් සංවිධානය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

පසුගිය සති අන්තයේ විකාශය වූ ගුවන්විදුලි රුපවාහිනී වැඩසටහනකදී තලේබාන් සංවිධානයේ නායක, හිබතුල්ලා අකුන්සාදා සඳහන් කර තිබුණේ, අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සඳහා ප්‍රසිද්ධියේ කස පහර දීම සහ ගල් ගැසීම ඇතුළුව, ඇෆ්ගනිස්ථානයේ ෂරියා නීතිය ආරම්භ කරන බවත්, ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ප්‍රසිද්ධියේ ගල් ගසන විට හෝ කසයෙන් තළන විට එය කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙස ඔබ සාතන් නියෝජනය කරමින් හැඳින්විය හැකි නමුත් මම අල්ලාහ් නියෝජනය කරන බවයි.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කණ්ඩායම් සඳහන් කරන්නේ තලෙයිබාන් නායකයාගේ මෙම නිවේදනයත් සමඟ කාන්තාවන් සඳහා පුද්ගලික දඬුවම්වල නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ නිශ්ශබ්දතාවය නිසා මෙවැනි අදුරදර්ශී නීති ක්‍රියාත්මක වෙන බවත්ය.

1990 ගනන්වල තලෙයිබාන් පාලනයේ අඳුරුතම කාලය වෙත නැවත පැමිණීම ඇෆ්ගන් කාන්තාවන්ට මෙම නිවේදනය හෙළා දැක ඇති බව ඇෆ්ගන් මානව හිමිකම් සංවිධානය වන Women’s Window of Hope හි ප්‍රධානිනී සහ නීතිඥවරියක වන Safia Arefi පවසා ඇති අතර රටේ මිලියන 14 ක කාන්තාවන් සහ ගැහැණු ළමුන් මෙම නීතියට මුහුණ දෙනු ලැබේ.

මේ වන විටත් අධ්‍යාපනය ලැබීමේ, රැකියා කිරීමේ, නිදහසේ ජීවත්වීම ඇතුළු බොහෝ අයිතීන් කඩ වූ පිරිසක් ලෙස ඔවුන් ජිවත්වන අතර තලෙයිබාන්වරු බලයට පත්වූ 2021 අගෝස්තු මාසයේදී, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බටහිර පිටුබලය ලබන ව්‍යවස්ථාව විසුරුවා හැර, පවතින අපරාධ සහ දණ්ඩ නීති සංග්‍රහයන් අත්හිටුවා, ෂරියා නීතිය පිළිබඳ ඔවුන්ගේ දෘඩ හා මූලධර්මවාදී අර්ථකථන ප්‍රතිස්ථාපනය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි