×

“ඕක අකුලාගෙන ගෙදර යන්න,” ටෙස්ලා සමාගමෙන් ඇමසෝන් සමාගමට ප්‍රහාරයක්

මීට ඉහත දී එම ග්‍රන්ථය ඇමසෝන් සමාගමේ රෙගුලාසි වලට පටහැනි බවට සඳහන් කරමින් ප්‍රකාශයට පත් නොකර සිටීමට පියවර ගෙන තිබූ අතර, මෙසේ උල්ලංඝනය වන රෙගුලාසි මොනවාද යන්න සඳහනක් අදාළ සමාගම විසින් සිදු කොට නොතිබීමද විශේෂ වේ.


ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතා ඇමසෝන් සමාගම වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසා තිබෙන්නේ ඇමසෝන් සමාගමට සියළු වැඩ හකුලාගෙන ඉවත්ව යන ලෙසයි.

මීට හේතුව වී තිබෙන්නේ, ඇමසෝන් සමාගම හරහා ග්‍රන්ථයක් විකුණා ගැනීමට නොහැකිවීම පිළිබඳ කතෘවරයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකි.

මස්ක් මහතා සිය ට්විටර් පණිවුඩය ඔස්සේ ඇමසෝන් අධිපති ජෙෆ් බෙසෝස් අමතා පවසා තිබෙන්නේ මෙය ඉතා වියවුල් සහගත බවත්, ඒකාධිකාරිය අනුමත කළ නොහැකි බවත්, ඉවත්ව යාමට කාලය දැන් එළඹ ඇති බවත් ය.

ටෙස්ලා යනු ලොව විශාලතම වාහන නිශ්පාදන සමාගමක් වන අතර, ඇමසෝන් යනු ලොව විශාලතම අන්තර්ජාල වාණිජ වෙළඳපොළයි.

මේ සම්බන්ධයෙන් ඇමසෝන් අධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

කෙසේ වෙතත්, මෙම සිදුවීමට පාදක වූ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම නොහැකිවීම පිළිබඳ අදහස් දක්වමින් ඇමසෝන් සමාගම පවසා තිබෙන්නේ එය අත්වැරදීමක් මත සිදුවූ බවත්, එම ග්‍රන්ථය දැන් ඇමසෝන් හරහා මිලදී ගත හැකි බවත් ය.

ඇලෙක්ස් බෙරෙන්සන් විසින් රචිත මෙම ග්‍රන්ථය Unreported Truths about COVID-19 and Lockdowns: Part 1: Introduction and Death Counts and Estimates. නම් වේ.

මීට ඉහත දී එම ග්‍රන්ථය ඇමසෝන් සමාගමේ රෙගුලාසි වලට පටහැනි බවට සඳහන් කරමින් ප්‍රකාශයට පත් නොකර සිටීමට පියවර ගෙන තිබූ අතර, මෙසේ උල්ලංඝනය වන රෙගුලාසි මොනවාද යන්න සඳහනක් අදාළ සමාගම විසින් සිදු කොට නොතිබීමද විශේෂ වේ.

මෙම ග්‍රන්ථය නැවත ප්‍රකාශයට පත්කිරීමට ඇමසෝන් සමාගම කටයුතු කිරීමෙහි ලා ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක් මහතා දායකත්වයක් ලබා දුන් බවට ඇමසෝන් සමාගම පිළිනොගෙන තිබුණද, ඇමසෝන් සමාගම ඊට ඉහත දී කටයුතු කර තිබූ අන්දමට විරෝධය පාමින් හඬක් නැඟීම සම්බන්ධයෙන් ග්‍රන්ථයේ කතෘ බෙරෙන්සන් මහතා විසින් මස්ක් මහතා හට සිය ස්තූතිය පළ කොට තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි