×

තායි කුමරිය හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ.

ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධව ඇත.


තායිලන්තයේ බජ්‍රකිතියභා කුමරිය හෘදාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව තායි රජ මාලිගය නිවේදනය කර තිබේ.

44 හැවිරිදි කුමරිය ඊයේ(14)දිනයේදී, තායි හමුදාව විසින් සංවිධානය කරන ලද ශූරතාවලියක් සඳහා තම සුනඛයා පුහුණු කරමින් සිටියදී සිහසුන්ව ඇති අතර අනතුරුව ඇය ප්‍රාදේශීය රෝහලකට ඇතුලත් කර අනතුරුව ගුවනින් බැංකොක්හි චූලලොන්කෝන් රෝහලට ඇතුලත් කර ඇත. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ඇය සුව අතට හැරෙමින් පවතින බවයි.

බජ්‍රකිතියභා කුමරිය මහා වජිරලොංකෝන් රජුගේ වැඩිමහල් දියණිය වන අතර, ඇය ඔස්ට්‍රියාවේ හිටපු තායි තානාපතිවරියක් වේ. ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි