×

මිහිපිට වටිනාම සහ වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා නම් කරයි

ඇල්බට් අයින්ස්ටයින් පැවසුවේ මී මැස්සා ලෝකයෙන් වඳ වී ගියහොත් මිනිස්ප ජීවය පවතින්නේ තවත් වසර 4ක් පමණක් බවයි.


මී මැස්සෙකු දෂ්ඨ කළොත් එය වේදනාබරය. නමුත් මී මැස්සා ලෝකයෙන් තුරන් වී ගිය කළක මිනිසා ට දැනෙන වේදනාව ඊට සිය දහස් ගණයකින් වැඩි වනු ඇත.
ලෝකයට මී මැස්සාව එතරම් වැදගත් ය.

ලන්ඩනයේ රාජකීය භූගෝලීය සමාජය විසින් පැවති සංවාදයේදී ද අර්ත් වොච් ජාත්‍යන්තර ආයතනය විසින් මතු කලේ ලෝකයේ වඩාත් වැදගත් ජීවියා  වන්නේ මීමැස්සා බවයි.  එනමුත් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නේ මී මැස්සන් ලෝකයට අහිමි වන්නට සැරසෙන එනම් වද වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින ජීවීන්ගෙන් අයෙක් බවයි.

නවතම අධයයනයන් විසින් පෙන්වා දෙන්නේ ලෝකයේ සිටි මී මැසි ගහණයෙන් 90%ක් පමණම මේ වන විට ලෝකයට අහිමි වී ඇති බවයි.

මේ සදහා ලෝකයේ විවිධ කලාප වලින් විවිවධ හේතු හුවා දැක්විය හැකි බව මෙම අධ්‍යයන විසින්ම පෙන්වා දී ඇත. මේ අතර ප්‍රධාන හේතුව ලෙස මතු කර දක්වන්නේ වනාන්තර විනාශය හේතුවෙන් මී මැස්සන් සදහා සුදුසු වාසාස්ථාන වන මී වද බැදීම සදහා සුදුසු ආරක්ෂිත ස්ථාන නොමැතිවීමයි. ඒ හැරුණ විට ඔවුන් සදහා පැණි ලබා ගැනීමට මල් අවම වීම , පාලනය නොකළ හැකි පරිදි මිනිසා විසින් කෘමි නාශක භාවිතය, පසෙහි සිදුවන වෙනස් කම් ආදියද ලෝකයේ මී මැසි ගහණය වෙනස් වීමට බලපාන අනෙකුත් හේතූන්ය.

ලෝකය මී මැස්සා ලෝකයේ වැඩිම වටිනාකමක් ඇති සත්ත්වයා ලෙස පෙන්වා දී ඇත්තේ ඇයි?

චිලී හී මී මැසි පාලනය පිළිබද ව්‍යවසායකත්ව සහ අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන්නේ මී මැස්සා යනු කිසිදු ආකාරයක දිලීර, වෛරස්, හෝ බැක්ටීරියා ආදී වූ කිසිදු රෝග කාරකයක් ප්‍රවේණිගත ලෙස ගෙන නොයන එකම ජීවියා ලෙසයි.

එමෙන්ම ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් සියයට 70 %ක් රදා පවතින්නේ මී මැස්සා හේතුවෙනි. එය තවත් ආකාරයකට කිවහොත් ලෝකයේ ආහාර වර්ග 100කින් 70කටම මී මැස්සාගේ මැදිහත් වීමක් ඇත. එමෙන්ම මී මැස්සා විසින් සිදු කරනු ලබන පරාගන ක්‍රියාවලිය ශාක වල ප්‍රතිනිශ්පාදව ක්‍රියාවලිය සදහා ඉඩ සළසයි. ඔවුන් නොමැතිවුවහොත් ලෝකයේ සත්වසංහතිය ඉතා ඉක්මණින් වියැකී යන්නට පටන්ගනු ඇත.
මී මැස්සන් විසින් නිපදවනු ලබන මී පැණි ආහාර සුරක්ෂි ත කිරීමට පමණක් නොව මිනිසාගේ සෞඛ්‍යයට සහ සමට ඉතා වැදගත් වේ.

මී මැස්න් ලෝකයෙන් ඉතා ඉක්මණින් වද වී යා හැක්කේ කෙසේද?
ස්විට්සර්ලන්තයේ තාක්ෂණය පිළිබද ෆෙඩරල් අධ්‍ය්‍යන ආයතනය විසින් අවධානරණය කරන්නේ ජංගම දුරකථන භාවිතය මී මැස්සන් වද වීමට එක් හේතුවක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන පරිදි දුරකථන ඇමතුම් අවස්ථාවලදී නිපදවෙන තරංග මගින් මී මැස්සාගේ දිශානතිය වෙනස් කරන බවයි. එනම් තමන් යා යුත්තේ කොහේටදැයි යන්න ඔවුන්ට සංවේදනය වන දිශාව දුරකථන තරංග මගින් වෙනස් කරන බවයි. එමගින් ඔවුන්ගේ ජීවිතය අනතුරට ලක් වේ.

වගා අස්වනු අවස්ථා වලදී සිදු කරන දුම් ගැසීම්ද මී මැස්සන් වද වීමට බලපාන තවත් හේතුවකි. කොලොම්බියාවේ 34%ක් මී මැස්සන් මිය ගොස් ඇත්තේ වගා බිම් වල භාවිතා කරන විෂ හේතුවෙනි.

මී මැස්සන් ලෝකයට අහිමි වීම නවතා ගැනීම සදහා ක්‍රම වේදයක් පවතීද?
මෙම ගැටළුව සදහා විසදුම් කිහිපයක්ම පවතී, එහි ප්‍රධානතම කරුණ වන්නේ වගා බිම් ආශ්‍රිතව සිදු කරනු ලබන විවිධ පුරුදු වෙනස් කිරීමයි. ඊට අමතරව යෝජනා කරන විසදුම් 3කි.
1 කෘමි නාශක වර්ග තහනම් කිරීම
2 සම්පූර්ණයෙන්ම ස්වාභාවික කෘෂිකාර්මික විකල්ප මාර්ගයන් යෝජනා කිරීම.
3 මී මැස්සන්ගේ ජීවන ක්‍රියාවලිය සහ ඔවුන්ට පවතින බලපෑම් ගන අධ්‍යයනයන් අඛණ්ඩව සිදු කිරීම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි