×

Little Miss Period (ආර්ථව තහංචි අභියෝගයට ලක් කළ මාන්ගා චරිතය)

විශේෂයෙන්ම බෙහෝමයක් ආසියාතික රටවල තවමත් ආර්ථවය යනු කාන්තාවන් පමණක් දැන සිටිය යුතු පිටස්තර ලෝකයට සගවාගෙන කාන්තාවන් තනිව විද ගත යුතු .. අපිරිසිදු .. කිළි සහිත මාතෘකාවකි.


රත් පැහැ දෙතොල් සහ දීප්තිමත් ඇස් දෙකක් ඇති රෝස පැහැති තින්ත බින්දුවකට… කාන්තා ආර්ථවය වටා පවතින තහංචීන් සහ දුර්මත වෙනුවෙන් කළ හැක්කක් ඇතිද?

සජීවීකරණ චරිත නැත්නම් කාටූන් චරිත යනු ජපන් ජාතිකයන්ට බෙහෙවින්ම සමීපතමයන්ය. ඔවුන්ටම ආවේණික වූ කාටූන් කලාවක් ජපන් ජාතිකයන්ට ඇති අතර එය හදුන් වන්නේ manga චරිත නමිනි.

පසුගියදා ජපන් මන්ගා කලාවට හදුන්වා දුන් අලුත්ම මන්ගා චරිතයක් ජපන් ජාතිකයන්  ‌ගේ පමණක් නොව සමස්ත ලෝකයේම අවධානය දිනා ගනු ලැබීය. Little Miss Period ‌හෙවත් ‌සෙයිරි චාන් නමින් හැදින් වූ මෙම සජීවීකරණ කාටූන් චරිතය ජපානයේ කාන්තා ආර්ථවය සම්බන්ධ තහංචීන් සහ දුර්මත පිළිබද සමාජ කතිකාවක් ඇති කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇත.

විශේෂයෙන්ම බෙහෝමයක් ආසියාතික රටවල තවමත් ආර්ථවය යනු කාන්තාවන් පමණක් දැන සිටිය යුතු පිටස්තර ලෝකයට සගවාගෙන කාන්තාවන් තනිව විද ගත යුතු .. අපිරිසිදු .. කිළි සහිත මාතෘකාවකි.

ජපානය තුළද ඒම තත්ත්වයේ වෙනසක් නොවූ අතර අද වන විට ජපන් සමාජයේ සිත් දිනාගෙන ඇති සජීවීකරණ චරිතය වන Little Miss Period පැවති තත්ත්වය හාත්පසින්ම වෙනස් කර ඇත. අද ජපන් කාන්තාව
Little Miss Period (සේරී චාන්) නිසාම ආර්ථවය ැත්නම් ඔසප්වීඹ ගැන ප්‍රසිද්ධියේ කථා කළ හැකි මාතෘකාවක් ලෙස පිළිගෙන ඇත.

Related image

ඔසාකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය කසූ මූටා පවසන්නේ ”ආ්ර්ථවය යනු සමාජයෙන් සැඟවිය යුතු දෙයක් නොවන බවත් ජපානය තුළ මෙතෙක් එවැනි තත්ත්වයක් පැවති බවත්ය. මෙම මංගා චරිතයට 100% ප්‍රශංසා කළ නොහැකි මුත් වඩා විවෘත සමාජ කථිකාවක් සදහා ඒමගින් සේවයක් වී ඇති බවයි.

පසුගිය මාසයේදී එළි දැක්වුණ සේරි-චාන් චිත්‍රපටය සදහා මෙම මංගා චරිතය නිරිමාණය කර ඇත්තේ කෙන් කොයාමා නැමති පිරිමි මංගා ශිල්පියෙු විසිනි. මෙම චිත්‍රපටය මේ වන විට තායිවානයේද තිරගතව අත. ජනවාරි මාසයේදී එය හොංකොං හී තිරගත කිරීමට නියමිතය. ඊට අමතරව චීනය සහ ගිණීකොනදිග ආසියාව පුරාද මෙම චිත්‍රපටය තිරගත කිරීමට නියමිතය.

චිත්‍රපටය තුළ සේරි-චාන් නැත්නම් Little Miss Period චරිතය කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින චරිතයකි. රැකියා කරන කාන්තාවන් ආර්ථව සමයේදී මුහුණ දෙන තත්ත්වයන් සමනය කිරීමට උදවු දෙන Little Miss Period අනුකම්පා විරහිත ස්වාමි පුරුෂයින්ගෙන් ඔවුන්ව ගලවා ගැනීමට කටයුතු කරයි.

1947 වසරේදී ජපානය විසින් ආර්ථව නිවාඩු කාන්තා අයිතියක් ලෙස නීතිගත කරනු ලැබුවද එය තවමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නක් බවට පත්ව ඇත.

ආර්ථව රුධිරය “අපිරිසිදු”ය යන ෂින්ටෝ ආගමේ විශ්වාසය කාන්තාවන්ට වෘත්තීය ලෙස සුමෝ මුදු වලට ඇතුළු වීම හෝ පූජනීය යුනෙස්කෝ ලෝක උරුම අඩවියකට පා තැබීම වළකා ඇත..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි