×

බුකර් ත්‍යාග ප්‍රදානෝත්සවයට ආ Dua Lipa ට හමු වූ අමුත්තිය!

රාජකීය අගමෙහෙසිය වන කැමිලා සහ Dua Lipa අතර සුහද සාකච්ඡාවක්


පසුගිය දිනවල වැඩි කතාබහකට ලක් වූ බුකර් ත්‍යාග ප්‍රදානෝත්සවය ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. එයට ජනප්‍රිය චරිත කිහිපයක් පැමිණි අතර ඉන් ප්‍රධානත්වයක් ගනු ලැබුවේ එක්සත් රාජධානියේ වර්තමාන ‍රජු වන තෙවන චාර්ල්ස් රජුගේ රාජකීය අගමෙහෙසිය කැමිලා(Camilla) ය.

ඡායාරූප; Dua Lipa’s FaceBook Page

උත්සවයේ දී රාජකීය අගමෙහෙසිය වන කැමිලා සහ Dua Lipa අතර සුහද සාකච්ඡාවක් ද විය. පොත් කියවීම ඔවුන් දෙදෙනාගේම සම විනෝදාංශයක් බව ද දැන ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා විය. කැමිලා ආර්‍යාව සහ Dua lipa අතර මේ පිළිබඳ සිදු වූ කතාබහ හැගීම්බර කතාබහක් විය.

ඡායාරූප; harpersbazaar.com

III චාල්ස් රජුගේ රාජකීය අගමෙහෙසියගේ නව කාර්යයන් අතර වැදගත් සිදුවීම් සහ උත්සව සඳහා සහභාගී වීම ඇයට පැවරී ඇති රාජකාරීන් අතර වේ. ඉකුත් සඳුදා පැවති බුකර් ත්‍යාගය ප්‍රදානෝත්සවයට ද ඇය ගේ පැමිණීම සිදුවූයේ ද එබැවිනි. ඇය එයට සහභාගී වූයේ තම සොහොයුරිය වන ඇනබෙල් එලියට් සමඟ ය.

ඡායාරූප ; NEWS18
ඡායාරූප; footwearnews.com

කැමිලා ආර්‍යාව සහ Dua Lipa ඔවුන්ගේ හමුවීමේ ප්‍රීතිය සහ කියවීමේ වැදගත්කම ඉස්මතු කිරීමට ඔවුන් කෙතරම් උද්යෝගිමත්ද යන්න’ දෙදෙනාගේ කතාබහ හමුවේ පැහැදිලි විය.

“අපගේ රාජකීය අගමෙහෙසිය මෙහි සිටීම සතුටක්. ඇය කතුවරුන් ගැන සැබවින්ම සැලකිලිමත් වන නිසාත්, පෙර වසරවලදී ඇයට පැමිණීමට නොහැකි වූවත්, ඇය ඔවුන් පිළිබඳ සොයා බැලීමට අමතක නොකල බව” බුකර් ත්‍යාග පදනමේ ලේකම් ඊව් ස්මිත් ද පවසා ඇත.

ජනප්‍රිය ගායිකා Dua Lipa ද මේ පිළිබඳ තම ට්විටර් ගිණුමෙහි සටහනක් තැබීමට අමතක නොකළා ය.

ඡායාරූප; Dua Lipa’s FaceBook Page
ඡායාරූප; Dua Lipa’s FaceBook Page
ඡායාරූප; Dua Lipa’s FaceBook Page

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවට ද විශේෂයෙන් වැදගත් විය. එයට හේතුව වසරේ බුකර් සම්මානය හිමිවූයේ ශෙහාන් කරුණාතිලකට වීම යි.
ශෙහාන් ඔබට ජය!

ඡායාරූප; DW

මෙහි දී රාජකීය අගමෙහෙසියගේ කරුණාබර හිත සහ අන්‍යෝන්‍ය සබඳතා මනාව පිළිබිඹු විය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි