×

ඩ්‍රැකියුලාගේ උපන් ගමේ දිය ඇල්ල ගල් ගැසෙයි!

රොමේනියාවේ ට්‍රාන්සිල්වේනියා පළාත කියූ සැණින්, ඩ්‍රැකියුලා පොත් කියවූ සහ ඩ්‍රැකියුලා චිත්‍රපටවලට පෙම් බැඳි ලෝකයේ බොහෝ අයට සිහිවන්නේ ඩ්‍රැකියුලා සිටුවරයා ය. මිනී පෙට්ටියක නිදාගන්නා, ලේ උරා බොන පිසාච සිටුවරයා ය.


ඩ්‍රැකියුලා තරමටම ප්‍රසිද්ධ දිය ඇල්ලක් ද ට්‍රාන්සිල්වේනියා පළාතේ තිබේ. ඒ ටොප්ලිටා හි උණු දිය ඇල්ලයි. හිරිගල් වලින් සැදී උණු දියට සෙවණ සදන ටොප්ලිටා දිය ඇල්ලේ දසුන මූරස් ගංගා මිටියාවත දක්වා දිව යන්නකි.

මෙම දිය ඇල්ල මීටර 10ක් පමණ උස ය. අති සුන්දර සංචාරක ආකර්ෂණයකි. වසර 22 ක් තිස්සේ රොමේනියාවේ නීතියෙන් ද ආරක්ෂා කර ඇති ස්වභාවික රක්ෂිතයකි.

ටොප්ලිටා හි උණුසුම මේ වන විට සෙන්ටිග්‍රේඩ් අංශක 1-0 අතර දෝලනය වෙමින් තිබේ. නමුත් ඇතැම් ස්ථානවල දී මෙය ලෙහෙසියෙන්ම අංශක 0 ට අඩු ව තිබේ. අයිස් මිදෙන උෂ්ණත්වය ලැබුණු වහා ගලා නොයන්නට තීරණය කිරීම ජලයේ ලක්ෂණයයි.

සාමාන්‍යයෙන් ‘තර්මල් වෝටර්ෆෝල්’ හෙවත් උණුදිය ඇල්ලක් වන නිසා ටොප්ලිටා ඇල්ල ලේසියෙන් අයිස් වන්නේ නැත. නමුත් වසර ගණනාවකට පසුව අද දිනයේ එය සහමුලින්ම මිදී ගොස් තිබුණේ මේ අන්දමිනි.

සෙමෙන් ඇදෙන දිය පහර පවා දිය ඇල්ලෙන් පහළට වැටෙන්නට සමත් නොවේ. කුඩා කෘමීන් සොයා මෙහි එන පක්ෂීන් නම් වෙනදාට වඩා සැහැල්ලුවෙන් හිම කුලුනු අතර සැරිසරන්නේ වෙනදාට නම් මෙවැනි වෑයමකදී උන් ජලයෙන් තෙමී යන නිසා ය.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි