×

ඉන්දියාවේ පුරවැසි උද්ඝෝෂණ සමාජ ජාලයෙන් මහ පාරට!

ඉන්දියාවේ පුරවැසි සංශෝධන පනතට විරෝධය පාමින් වීදියට බසින ඉන්දියානුවන් දහස් ගණනක් මේ වන විට අත්අඩංගුවේ ය.


මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙයට දෙදිනකට පෙර බටහිර බෙංගාලයේ මහ ඇමතිනී මම්තා බැනර්ජි හැකි නම්, සිය මළකඳ උඩින් පනත සංශෝධනය කරන්නැයි අභියෝග කරමින් කොල්කොටාවේ ඇවිද ගිය ආකාරයයි.

‘‘මා ජීවතුන් අතර සිටින තාක් කල් පුරවැසි සංශෝධන පනත සහ පුරවැසියන්ගේ ජාතික රෙජිස්ටරය ක්‍රියාත්මක කරන්නට දෙන්නේ නැහැ. ඕනෙ නම් අපේ ආණ්ඩුව (ප්‍රාන්ත ආණ්ඩුව) නිෂ්ප්‍රභා කරන්න ඔවුන්ට පුළුවන්. නමුත් අපි යටත් වෙන්නෙ නෑ..‘‘

මම්තා බැනර්ජි එසේ කීවාය.

යුක්තිය පතා ඈ ගිය මග ගමන් කළ දහස් ගණනක් අත්අඩංගුවේ ය. දෙසැම්බර් 16 වැනිදා බෙංගාලයේදී අත්අඩංගුවට ගත් පිරිස 354 දෙනෙකි.

අද දිනයේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉතිහාසඥයෙකු සහ මෝදි රජය දැඩි සේ විවේචනය කරන්නෙකු වන රාම්චන්ද්‍ර ගුහා ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතිහාසඥ රාම්චන්ද්‍ර අත්අඩංගුවට ගත් අවස්ථාව| AFP via Getty Images

ඉතිහාසඥ රාම්චන්ද්‍ර අත්අඩංගුවට ගත් අවස්ථාව| AFP via Getty Images

කෙසේ නමුත් මම්තා බැනර්ජි ගේ අනුගාමිකයන් මිස ඇයව අත්අඩංගුවට ගැනුණේ නැත.

Police detain a woman at a demonstration against Indias new citizenship law in New Delhi on December 19, 2019.Image copyrightGETTY IMAGES
දිල්ලිය සහ බැංගලෝරයේදී උද්ඝෝෂකයන් පොලිසියට මැදි වීි..

දිල්ලිය, උත්තර ප්‍රදේශ් සහ කර්ණාටක ප්‍රාන්තයේදී මෙම නව පුරවැසි පනතට එරෙහිව පුරවැසියන්ට උද්ඝෝෂණය කිරීමේ අයිතිය අහුරා තිබේ. උද්ඝෝෂණ දැන් තහනම් ය.

නව නීතිය මගින් පුරවැසිභාවය පිරිනමන්නේ පාකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලින් පැමිණෙන මුස්ලිම් නොවන නීති විරෝධී සංක්‍රමණියන් හට ය. අගමැති මෝදි විසින් අලුත්ම ආරක මුස්ලිම් විරෝධී රැල්ලක් රට තුළ ඇති කර තිබෙන්නේ දශක ගණන් දික්ගැස්සවිය හැකි හානියක් නිර්මාණය කරමිනි.

උත්තර් ප්‍රදේශ් හි අගනුවර ලෙස සැලකෙන ලක්නව් හි ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසක් වාර්තා විය. බස් රථ ද ගිනි තබා තිබේ.

Police in Lucknow
A burnt bus in Lucknow

ඉන්දීය පොලිසිය අගනුවරට ඇතුළු වන සියලු වාහන මේ වන විට පරීක්ෂා කරමින් සිටියි. දිල්ලිය සහ ජයිපූර් සම්බන්ධ වන අධිවේගී මාර්ගය ඔවුන්ගේ දැඩි සෝදිසියට ලක් වේ. මේ නිසාම මේ මාවත්වල අති දැවැන්ත තදබදයක් ද නිර්මාණය වී ඇත. ඉන්දියාවේ ප්‍රමුඛ ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ ගුවන් සේවය පමණක් ගුවන් වාර 19 ක් අත්හිටුවා තිබෙන්නේ නියමිත වේලාවට මගීන්ට ගුවන් තොටුපොළ වෙත පැමිණීමට ඇති නොහැකියාව සලකා ය.

දිල්ලියේ උමං දුම්රිය මාර්ග ගණනාවක් ද වසා දමා තිබේ.

මුලින් සංශෝධන කෙටුම්පතක් ව පැවති  Citizenship Amendment නීතිය දැන් පනතකි (CAA). පැහැදිලිවම එමගින් ඉන්දියාව දෙකට බෙදා තිබේ.

හින්දු ජාතිවාදී ඇජෙන්ඩාවකින් යුත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) එකහෙළාම පවසන්නේ හිංසනය වළක්වා ගැනීමේ මගක් ලෙස මෙම පනත සංශෝධනය කළ බවයි. නමුත් මෙය වනාහී, ඉන්දියාවේ ජීවත් වන මිලියන 200 ක් වන මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව දියත් වන හින්දු ජාතිවාදී ඇජෙන්ඩාවේම කොටසකැයි විචාරකයෝ කියති.

Protesters react from a bus after being arrested at a demonstration against India's new citizenship law in New Delhi on December 19, 2019.Image copyright GETTY IMAGES
පොලිසිය සිසුන්ව බස් වල පටවාගෙන ඉවතට රැගෙන යන්නේ ඔවුන් උද්ඝෝෂණවලට සම්බන්ධ වෙතැයි බිය නිසාය.

ඉන්දියාවේ මුස්ලිම්වරුන් රාජ්‍යයක් අහිමි (ස්ටේට්ලස්) ජනතාවක් වේද?

ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 200 කි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිදු පුද්ගලයෙකු ජාතිකත්වය මත පදනම් වී වෙනස්කම්වලට ලක් කළ නොහැකි ය.

අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නේ දැනට පුරවැසියන් බවට පත්ව සිටින ඉන්දියානුවන්ට මේ නීතියෙන් කිසිදු බලපෑමක් නොමැති බවයි. බොරුව, මුළාව සහ භීෂණය වපුරන බවට ඔහු උද්ඝෝෂකයන්ට චෝදනා කරයි.

Home Minister Amit ShahImage copyrightGETTY IMAGES
ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා, නව නීතිය වෙනුවෙන් පෙනී සිටියි.

‘‘මට පොලිසිය රිවොල්වරයකින් වෙඩි තිබ්බා. පසුව ඔවුන් කිව්වේ, කඳුළු ගෑස් කැනිස්ටරයක් මගේ කකුලේ වැදුණු බවයි.‘‘ – උද්ඝෝෂණයකදී වෙඩි වැදුණු මුස්ලිම් ජාතිකයෙක්.
සියලු සුළු ජාතිකයන් සහ ආන්තික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින්, ඔවුන්ට මානව අභිමානය සාක්ෂාත් කරමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ ආචාර්ය අම්බෙත්කාර් ය. දැන්, ඉන්දියාවේ නායකයන් විසින්ම එය උල්ලංඝනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයේ අනුලංඝනීය අංගයක් වන විසම්මුතිය පෑම සඳහා පාරට එන පුරවැසියන්ට ද පාලකයන් විසින් වෙඩි තබන ආකාරය දුටුවේ නම් ආචාර්ය අම්බෙත්කාර් සිය දිවි නසාගනු නිසැක ය.
පෙර ලිපි


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි