×

වසර 60කට පසු කොංගෝවට ගංවතුර: මියගිය සංඛ්‍යාව 221 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 16,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ අග සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොංගෝ ගඟ පිටාර යාම නිසා විශාල ගංවතුර උවදුරක් ඇතිව ඇති බව වාර්තා වේ. වසර 60කට පසු ඇතිවූ ගංවතුර හේතුවෙන්, 500,000කට අධික පිරිසක් අවතැන්ව තිබේ. කොංගෝ බලධාරීන් සහ වෛද්‍ය පුණ්‍යායතනය වන Médecins පවසන පරිදි, කොංගෝවේ පළාත් 26න් 16ක්ම […]


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ අග සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොංගෝ ගඟ පිටාර යාම නිසා විශාල ගංවතුර උවදුරක් ඇතිව ඇති බව වාර්තා වේ.

වසර 60කට පසු ඇතිවූ ගංවතුර හේතුවෙන්, 500,000කට අධික පිරිසක් අවතැන්ව තිබේ.

කොංගෝ බලධාරීන් සහ වෛද්‍ය පුණ්‍යායතනය වන Médecins පවසන පරිදි, කොංගෝවේ පළාත් 26න් 16ක්ම ගංවතුරෙන් යටව ඇති අතර , අවම වශයෙන් පුද්ගලයින් 221 දෙනෙකු මිය ගොස්, නිවාස දස දහස් ගණනකට හානි සිදුවී ඇති බවයි.

අධික වනාන්තර විනාශය ද අධික වර්ෂාපතනයේ බලපෑම නරක අතට හැරීමට බලපා ඇති අතර ග්ලෝබල් ෆොරස්ට් වොච්ට අනුව, 2022 දී බ්‍රසීලයෙන් පසු ලෝකයේ දෙවන ඉහළම ගස් වැසීමේ අනුපාතය කොංගෝවේ සිදු වී ඇත.

මේ වන විටත් රට තුළ පවතින යුද්ධය හේතුවෙන් පිඩාවට පත්ව ඇති කොන්ගෝ වැසියන්ට ගංවතුර උවදුර මාරු පහරක් බවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි