×

ඇන්ටාටික්හි පෙන්ගුයින් කුඩා පක්ෂීන් 10,000 ක් පමණ මිය යයි

සාගරයේ පිහිනීමට අවශ්‍ය ජල ආරක්ෂිත පිහාටු වර්ධනය වීමට පෙර පැටවුන්ට යටින් ඇති මුහුදු අයිස් දිය වී කැඩ්යාම හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇත.


මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ඇන්ටාක්ටික් ප්‍රදේශයේ පෙන්ගුයින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇතිබව වාර්තා වේ.

සාගරයේ පිහිනීමට අවශ්‍ය ජල ආරක්ෂිත පිහාටු වර්ධනය වීමට පෙර පැටවුන්ට යටින් ඇති මුහුදු අයිස් දිය වී කැඩ්යාම හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇතිබව බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂනායතනය සදහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ (BAS) ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් ප්‍රකාශ කර තිබුණේ, පෙන්ගුයින් අධිරාජයන් තම අභිජනන චක්‍රය මුහුදු අයිස් මත රඳා පවතීන බවත්, එය ඔවුන් තම පැටවුන් ඇති දැඩි කිරීමට භාවිතා කරන ස්ථාවර වේදිකාව විනාශ වීම හේතුවෙන් පෙන්ගුයින් ජනපදවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් සියවස අවසන් වන විට වඳ වී යනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි