×

ලොව විශාලතම මහ මැතිවරණය ඇරඹේ!

:අද (19) දින 2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර ආරම්භ වෙයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අද (19) දින 2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර ආරම්භ වෙයි.

පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර, පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම ලබන ජුනි මස 4 වනදා සිදුකිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි