×

වසර 16කට පසු නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ගේ අනුමැතිය

ඉදිරියේදී වරද කරුවන් පස් දෙනෙකුට එරෙහිව එළැඹෙන දෙසැම්බර් සහ ජනවාරි මාසයේදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව සූදානමින් සිටී.


වසර 16කට පසු මරණ දණ්ඩනය  ක්‍රියාත්මක කිරීමට සැරසෙයි
ඇමරිකා එක්සත් ජනපද රජය සූදානම් වෙමින් සිටී, මේ පිළිබදව නිළ ප්‍රකාශයක් එරට අධිකරණ දෙපාර්තුමේන්තුවේ නීතිඥ ඇටෙර්නි ජෙනරාල් විලියම් බාර් විසින් පසුගියදා සිදු කරන ලදී, මේ සම්බන්ධව ජාත්‍යන්තරව මෙන්ම රට තුළ පවතින විවේචන පසෙකලා ඇමරිකාව මෙම තීරණය ගෙන ඇති බව ඔහුගේ අදහසයි.

මේ අනුව ඉදිරියේදී වරද කරුවන් පස් දෙනෙකුට එරෙහිව එළැඹෙන දෙසැම්බර් සහ ජනවාරි මාසයේදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව සූදානමින් සිටී.
මේ පිළිබදව තවදුරටත් කරුණු දැක්වී විලියම් බාර් සිය ප්‍රකාශනයේ දක්වන්නේ මේ සදහා විශේශයෙන්ම ජනතාව විසින් පත් කරගත් ඇමරිකානු කොංග්‍රසයේ සහ ජනපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙන බවයි.

සිදු වූ බරපතල අපරාධ සම්බන්ධව මෙම මරණ දඩුවම ක්‍රියාත්මක කරන අතර අධිකරණය තුළ ජූරි සභාවක් මගින් දෝෂණයට ලක් වූ සම්පූරුණ සාධාරණ නීතිමය ක්‍රියාවලියකින් පසු වැරදි කරුවෙකු සම්බන්ධව මෙවැනි දඩුවමක් දීමට ඇමරිකාව සූදානම් බව විලියම් බාර්ගේ මතයයි.
එමෙන්ම ඔහු පවසන්නේ අමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුව නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් කටයුතු කරන බවත් මේ හේතුවෙන් පීඩාවට පත් වන වරද කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් පවසයි.

1988 වසරේදී ඇමරිකාව විසින් මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසු විත්තිකරුවන් තිදෙනෙකු සදහා පමණක් ඇමරිකානු රජය මරණ දඩුවම නියම කර ඇත. 2003 වසරේ ලුයිස් ජෝන්ස් විසින් 1995 වසරේ දී තරුණ හමුදා සෙබළියක පැහැර ගෙන දූෂණය කර මරා දැමීමට එරෙහිව අවසන් වතාවට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලදී. ඇමරිකාණු මරණ දඩුවම් සම්බන්ධ තොරතුරු මධ්‍යස්ථානයට (DPIC) අනුව ඇමරිකාව තුළ මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයින් සංඛ්‍යාව 60 කි.

මේ සම්බන්ධව ඇමරිකානු සෙනෙට් සභික 2020 ජනපතිවරණය සදහා ඩිමොක්‍රටික් පක්ෂය මගින් යෝජනා කරන ලද කමලා හැරිස් මේ සම්බන්ධ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ
මරණ දණ්ඩනය දුෂෟශීල සහ අතිෂය වරදක් බවත් බොහෝ අහිංසක පුද්ගලයින් සංඛ්‍යාවක් මරණය සදහා නියම කර තිබෙන බවත් මරණ දඩුවම නවතා ලීමට ත් නැවත ඇති නොවීමටත් ජාතික වශයෙන් කටයුකු කළ යුතු බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි