×

කොවිඩ්-19 එන්නත ඇමරිකාව පමණක් සතු කරගැනීමට ට්‍රම්ප් දැරූ කූට උත්සහයක් ජර්මනිය හෙළි කරයි

එන්නත නිකුත් කරනවානම් ඒ සමස්ත ලෝකයටම පමණි - ජර්මනිය


කොවිඩ්-19 එන්නත ඇමරිකාව සඳහා පමණක් ලබා ගැනීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා ලද උත්සහයක් පිළීබදව ජර්මානු මාධ්‍ය වාර්ථා කරයි. ඒ අනුව එන්නත මිලදී ගැනීම සඳහා ජර්මානු සමාගමකට අති විශාල මුදලක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දී ඇත.

මේ සම්බන්ධව ඇමරිකාව සමග වැඩි ලංසුවක් තැබීම සදහා ජර්මානු රජය උත්සහා දරමින් සිටින බවද ජර්මානු රජය උපුටා දක්වමින් ජර්මානු පුවත් පතක් වන ඩයි වෙල්ට් වාර්ථා කරයි.

ට්‍යුබිගෙන් හී පිහිටි ජෛව ඖෂධ සමාගමක් වන කියෝවැක් CureVac වෙත ට්‍රම්ප් ඇමරිකාව වෙනුවෙන් මෙම විශාල මුදල ලබා දී ඇති බව එම පුවත් පත පවසයි.

ද ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරන පරිදි අදාල පුවත් පත විසින් උපුටා ගත් නිර්නාමික මූලාශ්‍රයකට අනුව ඇමරිකානු ජනපතිවරයා කොවිඩ්- 19 එන්නත ඇමරිකානු භාවිතය සදහා පමණක් භාවිත කිරීම වෙනුවෙන් මිලදී ගැනීම සදහා සෑම දෙයක්ම කරමින් සිටී,

මේ අතර ජර්මානු රජයද සිය රටේ සමාගමක් විසින් සොයාගත් මෙම එන්නත තමන් විසින්ම මිලදී ගැනීමට විශාල මුදලක් කැපකිරීමට සූදානමින් සිටී,

ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසන්නේ කියොර්වැක්සින් ඖෂධ සමාගම ඇමරිකාව යටතට ගැනීම සදහා ට්‍රම්ප් දරණ උත්සහයට කිසිසේත් ඉඩ නොදෙන බවත් එන්නත නිපදවනු ලබන්නේ මුළු ලෝකයටම පමණක් මිස තනි රටක් සදහා නොවන බවයි.

ජර්මානු සමාගමක් වන කියෝර්වැක් හී ශාකා ඇමරිකාවේ ෆ්‍රැන්ක්ෆඍ්ට් සහ සහ බොස්ටන් හීද පිහිටා ඇත. ජර්මානු සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සම්බන්ධ වී ඇති එය ජර්මානු සෞඛ්‍ය අමාත්‍යාංශයට යටත් වන පර්යේෂණ ආයතනයක් සහ වෛද්‍ය නියාමන ආයතනයක් වන පෝල් එර්ලිච් ආයතනය සමඟ සමීපව කටයුතු කරයි.

මේ අතර පසුගිය 11 වන දින කියෝවැක් සමාගම විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එහි ප්‍රධාන විධායක නිලධාරී එක්සත් ජනපද පුරවැසි ඩැනියෙල් මැණිචෙල්ලා අනපේක්ෂිත ලෙස සමාගමෙන් ඉවත් වන බවත් ඔහු වෙනුවට සමාගමේ නිර්මාතෘ ඉන්ග්මාර් හෝර් පත් කරන බවත්ය.

ට්‍රම්ප්, උප ජනපති මයික් පෙන්ස් සහ ධවල මන්දිර සෞඛ්‍ය කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ කොරොන වයිරස් එන්නත් උපක්‍රමිකව සංවර්ධනය කිරීම හා නිෂ්පාදනය කිරීම පිළිබඳ උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම මස ආරම්භයේදී වොෂිංටන්හි ධවල මන්දිරයට මැණිචෙල්ලා වෙත ආරාධනා කරන ලදී.

ට්‍රම්ප් වෙත එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සදහා මෙම පුවත වාර්ථා කරන ද ගාඩියන් වෙබ් අඩවිය ධවල මන්දිරය වෙත ආරාධනා කරමින් සිටී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි