×

ට්‍රම්ප්ගේ වාචාල කට නිසා ඉරානය, ලොව හෙල්ලෙන තීරණයක් ගනී !

තවත් ඉවසන්නේනම් නැහැ


 

කිසිදු අයුරකින් තව දුරටත් න්‍යෂ්ඨික අවි සම්බන්ධ ජාත්‍යන්තර සීමාවන්ට කිසිසේත් යටත් නොවී කටයුතු කරන්නට ඉරාණය තීරණය කර ඇත.

ටෙහෙරානයේදී පැවති පාර්ලිමේන්තු රැස්වීමකින් පසු මේ පිළිබද ප්‍රකාශයක් නිකුත් කළ ඉරානය පවසා සිටින්නේ මින් ඉදිරියට විශේෂයෙන් 2015 ජාත්‍යන්තර න්‍යෂ්ඨික ගිවිසුමේ සීමාවන් තම රාජ්‍ය විසින් කිසිසේත් අනුගමනය නොකරනු ඇති බවයි. ඒ අනුව මින් ඉදිරියට න්‍ය්ඨික අවි වල ධාරිතාව සහ ආරෝපණය ඉහළ නැංවීමට, න්‍යෂ්ඨික අවි සම්බන්ධ පර්යේෂණ සිදු කිරීමථ රැස් කිරම් හෝ ගබඩා කර ගැනීමටත් අදාළ කිසිදු සීමාවක් ඉරානය විසින් අනුගමනය නොකරනු ඇත.

පසුගියදා ඇමරිකානු රජව විසින් ඉරාන ආරක්ෂක ප්‍රධානීයෙකු වන ජෙනරිල් ක්වොසෙම් සොලෙයිමානි ඇතුළු තවත් පස් දෙනෙකු ඝාතනය කිරීම සහ ඇමරිකාව එය සිය ජයග්‍රහණයක් ලෙස උදම් ඇනීමත් සමග ඉරානය දිවුරා සිටියේ තමන් ඇමරිකාව සිදු කළ ක්‍රියාවට ප්‍රතිචාර ලබා දීමට සූදානම් බවයි.

ඒතු සමග ඇමරිකානු ජනපතිවරයාගේ ප්‍රකාශනද ඉරානයේ තීරණ තව දුරටත් උග්‍ර තරක ලදී. ඉරාකයට සහ ඉරානයට සමච්චල් කරමින් ට්‍රම්ප් පැවසුවේ ඉදිරියේදී ඉරානයට එරෙහිව යුද්ධ කිරීමට තමන් ඉතා අලංකාර ආයුධ නිර්මාණය කරමින් සිටින බවයි. ඉරානය ප්‍රතිප්‍රහහාර එල්ල කළහොත් ඇමරිකාව නිසැකවම අති විශාල පළිගැනීමක් සිදු කරනු ඇති බවටද ට්‍රම්ප් උදම් අනන ලදී. මේත් සමග ඉරාක පාර්ලිමේන්තුව තීරණය කරන ලද්දේ තම රට තුළ සිටින ඇමරිකානු හමුදා වහා රටින් පිටත් විය යුතු බවයි.

ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) කණ්ඩායමට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස එක්සත් ජනපද සොල්දාදුවන් 5,000 ක් පමණ ඉරාකයේ සිටිති.

කෙසේ වෙතත් 2015 න්‍යෂ්ටික ගිවිසුම ප්‍රථමයෙන් කඩ කරන ලද්දේද ඇමරිකාවයි. ටුම්ප් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීත් පසුවත් බැරැක් ඔබාමාගේ මුලිකත්වයෙන් ඇරඹුණ මෙම ගිවිසුම හසුන්වන ලද්දේ ”නරක ගනුදෙනුව” නමිනි. නමුත් ඊට එහා සර්ව සුභ වාදී තීරණයක් හෝ ක්‍රියාකලාපයකට යෑමට ඔහුට නොහැකි විය. නමුත් එම ගිවිසුමේ අනෙක් අත්සන් කරුවන් වන එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, චීනය, ජර්මනිය සහ යුරෝපා සංගමය තව දුරටත් මෙම ගිවිසුම කෙරෙහි විශ්වාස තබමින් සිටී.

JCPOA ලෙස හැඳින්වෙන මෙම ගිවිසුම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නිශ්චිත කාල සීමාවක් සඳහා බොහෝ දුරට සත්‍යාපනය කළ හැකි ආකාරයකට සීමා කළේය. එමෙන්ම එහි විශාලතම වැදගත්කම වූයේ වර්තමාන අර්බුදය‍ෙ ආසන්න යුද්ධයක් වළක්වා ගැනීමට එමගින් දක්වා ඇති දායකත්වයයි. නමුත් මින් ඉදිරියට ඉරානය මෙම ගිවිසුමට පටහැනිව ක්‍රියාකරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි