×

ලැව්ගිනි වලින් පිඩාවට පත් තුර්කියට, ග්‍රීසියට හා බල්ගේරියාවට ගංවතුර

මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇති බවට විශ්වාස කෙරේ.


ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර තත්වයන් නිසා තුර්කියේ, ග්‍රීසියේ හා බල්ගේරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.

අසාමාන්‍ය ලෙස වියළි ගිම්හානයකින් පසුව එක රැයකින් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් මේ වනවිට නිවාස සහ ව්‍යාපාර 1,750 කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇත.

ග්‍රීසියේ දේශගුණික අර්බුද සහ සිවිල් ආරක්ෂක අමාත්‍ය Vassilis Kikilias මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, ගතවූ පැය 24 තුළ රට තුළ උපරිම වර්ෂාපතනයක් වාර්තා වූ බවයි. ජාතික කාලගුණ විද්‍යා සේවයට අනුව, ඇතන්ස් ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 400 ට සාපේක්ෂව පැය 24 තුළ එක් පෙලියන් ගම්මානයක මිලිමීටර් 750.4 ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි.

විපතට පත් වුවන් වෙනුවෙන් සහන කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇති බවට විශ්වාස කෙරේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි