×

තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23,766 දක්වා ඉහළට (Latest Updates)

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් තියුණු ලෙස ඉහළ යාමට ඉඩ ඇති බව අපේක්ෂා කෙරේ.


පසුගිය සඳුදා(05)දින සිරියාවට හා තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවකින් සහ එහි පසු කම්පනවලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව තුර්කියේ අවම වශයෙන් මරණ 20,213 ක් වාර්තා වී ඇති අතර, සිරියාවේ පුද්ගලයින් 3,553 ක් මියගොස් තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් තියුණු ලෙස ඉහළ යාමට ඉඩ ඇති බව අපේක්ෂා කෙරේ.

තුර්කි බලධාරීන් පවසන්නේ බටහිරින් අඩානා සිට නැගෙනහිරින් දියර්බකීර් දක්වා දළ වශයෙන් කිලෝමීටර 450 (සැතපුම් 280) සහ උතුරේ මලටියා සිට දකුණේ හැටේ දක්වා කිලෝමීටර් 300 (සැතපුම් 186) දක්වා විහිදෙන ප්‍රදේශයක මිලියන 13.5 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි.

මීය සාපේක්ෂව සිරියාවේ මානුෂීය කණ්ඩායම් වාර්තා කර තිබුණේ, වයඹ දිග සිරියාවේ මිලියන 4.1 ක පමණ පිරිසකට ආධාර අවශ්‍යව ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි