×

තුර්කි-සිරියා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 19,000 ඉක්මවා ඇති බවට තොරතුරු! (Latest Update)

තත්ත්වය දරුණු මට්ටමක!


තුර්කි-සිරියා භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 19,000 ඉක්මා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අඛණ්ඩව සහන කණ්ඩායම් යොදවමින් දිවි ගලවාගත් අයවලුන් සොයා මෙහෙයුම් දියත් කළ ද මේ වන විට තත්ත්වය දරුණු මට්ටමක පවතී.

තුර්කියේ තහවුරු වූ මරණ සංඛ්‍යාව අද වන විට (09) 16,170 දක්වා ඉහළ ගිය අතර වසර 12කට ආසන්න සිවිල් යුද්ධයකින් දැනටමත් විනාශ වී ඇති සිරියාවේ ද මේ වන විට 3,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තා වේ.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි