×

පාර්ලිමේන්තුවේ කතාව අතරතුර හෘදයාබාධයකට ලක් වූ තුර්කි මන්ත්‍රීවරයා මිය යයි

තුර්කියේ ග්‍රෑන්ඩ් ජාතික සභාව භූමියේ ඊයේ(14) පැවති අවමංගල්‍ය උත්සවයේදී Hasan Bitmezගේ මිනී පෙට්ටිය තුර්කි ධජයකින් ඔතා තිබූ අතර කුඩා පලස්තීන ධජයක් ද අමුණා තිබුණි.


තුර්කියේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුවන Hasan Bitmez පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව දේශනයක් පවත්වමින් සිටියදී හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.

විවාහක සහ එක්දරු පියෙකු වන 54 හැවිරිදි Hasan Bitmez කයිරෝවේ අල්-අසාර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා, ඉස්ලාමීය රාජ්‍ය නොවන කණ්ඩායම් සඳහා සේවය කළ අතර ඉස්ලාමීය සංගම් පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපතිවරයා විය.

සිය අවසාන කතාවේදී Hasan Bitmez පලස්තීනුවන් 19,000කට ආසන්න ප්‍රමාණයක් මරා දැමූ ඊශ්‍රායලය සමඟ මිත්‍රශීලී ආර්ථික සබඳතා දිගටම කරගෙන යන බවට තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan ගේ යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AK පක්ෂය)ට චෝදනා කරනු ලැබිය.

ඔහු ඊශ්‍රායලය සහ පලස්තීන සන්නද්ධ කණ්ඩායම වන හමාස් අතර වත්මන් යුද්ධයට එරෙහිව හඩ නගමින් ඊශ්‍රායලය සටන් විරාමයක් ඉල්ලා සිටි අතර තුර්කියේ ග්‍රෑන්ඩ් ජාතික සභාව භූමියේ ඊයේ(14) පැවති අවමංගල්‍ය උත්සවයේදී Hasan Bitmezගේ මිනී පෙට්ටිය තුර්කි ධජයකින් ඔතා තිබූ අතර කුඩා පලස්තීන ධජයක් ද අමුණා තිබුණි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි