×

රූගත කිරීම් අතරතුරදී පාලමක් කඩා වැටී මෙක්සිකානු නළුවන් දෙදෙනෙකු මිය යයි!

"සින් මීඩෝ අ ලා වර්ඩාඩ්" රූපවාහිනී කතා මාලාවේ රූගත කිරීම් කරමින් සිටියදී එහි නළුවන් දෙදෙනෙකු පාලමකින් වැටී මිය ගිය බව මෙක්සිකානු රූපවාහිනී ජාලයක් වන ටෙලිවීසා ජාලය සිකුරාදා නිවේදනය කළේය.


“සින් මීඩෝ අ ලා වර්ඩාඩ්” රූපවාහිනී කතා මාලාවේ රූගත කිරීම් කරමින් සිටියදී එහි නළුවන් දෙදෙනෙකු පාලමකින් වැටී මිය ගිය බව මෙක්සිකානු රූපවාහිනී ජාලයක් වන ටෙලිවීසා ජාලය සිකුරාදා නිවේදනය කළේය.

ජෝර්ජ් නවරෝ සාන්චෙස් සහ ලුයිස් ජෙරාර්ඩෝ රිවේරා බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදුවන විට එම කථාමාලාවේ ජවනිකාවකට පෙරහුරුවක් කරමින් සිටි බව ටෙලිවීසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. “අපගේ යාච්ඥා ජෝර්ජ් සහ ලුයිස් ජෙරාඩෝගේ පවුල් සමඟ වන අතර ඔවුන්ට අපගේ ශෝකය ප්‍රකාශ කරමු” යනුවෙන් ජාලය පවසයි.

ප්‍රදර්ශනයේ නිෂ්පාදකයින් මෙක්සිකෝ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටි බව ජාලය පවසයි, නමුත් සිද්ධිය සිදුවූ ස්ථානය පිළිබඳව වැඩි විස්තර නිකුත් කර නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි